සුරාසැල් අද වැසේ

    October, 3, 2019

    අද දින (03) ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා දමන බව සුරාබදු දෙපාර්තමෙන්තුව පවසයි.

    සමස්ත දිවයිනම ආවරනය වනපරිද්දෙන් නීති විරෝධී මත්පැන් හා නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම වැලැක්වීම සඳහා ද නීතිය උල්ලංඝනය කරන්නන් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ද සියලුම ක්ෂේත්‍රගත සුරාබදු නිලධාරීන්හට උපදෙස් ලබා දී ඇති බව සුරාබදු දෙපාර්තමෙන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. 

    මේ අතර අද (03) දින දිවයින පුරා නීතිවිරෝධි සුරා සැල් වැටලිම සඳහා සුරා බදු ස්ථාන 58 කට අනුයුක්ත සේවය කරන සුරා බදු නිලධාරින් 1,000ක් පමණ යොදවා ඇති බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටී.