සුරැකුම්පත් කොමිසමේ නව සභාපති කොටස් තැරැව්කරුවන් හමුවෙයි

    February, 19, 2020

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ නව සභාපති, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඇතුළු කොමිසමේ නව සාමාජික මණ්ඩලය සහ කොටස් තැරැව්කාර සමාගම්වල ප්‍රධානීන් අතර හමුවක් එළඹෙන පෙබරවාරි 25 දින පැවැත්වීමට නියමිතය. විරාජ් දයාරත්න මහතා සුරැකුම්පත් කොමිසමේ සභාපති ධූරයට පත් වූ පසු, කොටස් තැරැව්කාර සමාගම් ප්‍රධානීන් හමුවන පළමු අවස්ථාව මෙයයි.

    මෙම හමුව හෙට (20) දින පැවැත්වීමට කලින් සැලසුම් කර තිබුණු අතර පසුව එය පෙබරවාරි 25 දින දක්වා කල්ගොස් ඇත.

    ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ නව සාමාජික මණ්ඩලය ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න, ඩී.එන්.ආර්. සිරිවර්ධන, එච්.ඒ. කරුණාරත්න, ප්‍රියන්ත රත්නායක, මනිල් විජේසිංහ, නරේෂ් අබේසේකර, සිසිර රත්නායක, ජනාධිපති නීතිඥ සුහද ගම්ලත් සහ සුනිල් ලංකාතිලක මහත්වරුන්ගෙන් සමන්විත වේ.

    ඡායාරූපය - ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ සභාපති, ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා සිය ධූරයේ වැඩ භාරගත් අවස්ථාව