සුළං විදුලි බලාගාර දෙකකට කැබිනට් අනුමැතිය

    December, 2, 2016

    විදුලිබල අවශ්‍යතා‍වයෙන් වැඩි ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් සපුරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර, ඒ සඳහා සූර්ය හා සුළං බලාගාර ඉදි කිරීමට යෝජනා වී ඇත.

    ඒ අනුව, චුන්නාකම් ප්‍රදේශයේ මෙගාවොට් 10 බැගින් වන සුළං විදුලි බලාගාර දෙකක් (02) ඉදි කිරීම සඳහා වන ටෙන්ඩර, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ප්‍රදානය කිරීම පිණිස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.