සෙන්ටාරා පාසිකුඩා ගනුදෙනුව හේලීස් හෙළිකරයි

    May, 1, 2014

    අප විසින් පසුගිය ඉරිදා මුල් වරට රටට අනාවරණය කළ සෙන්ටාරා පාසිකුඩා හෝටලයේ පාලිත කොටස් ප්‍රමාණය මිලදීගැනීමේ ගනුදෙනුව පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු හෙලීස් සමූහය විසින් හෙළිදරව් කර තිබේ.

    මේ අනුව, හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා නිවේදනය කර තිබෙන්නේ හේලීස් සමූහයට අයත් අමායා ලෙෂර් පී.එල්.සී. සමාගම විසින් Sun Tan Beach Resorts (Pvt) Ltd සමාගමේ සියයට 51 ක් වන කොටස රුපියල් මිලියන 563 කට මිලදීගත් බවයි.

    Sun Tan Beach Resorts (Pvt) Ltd සමාගමට පාසිකුඩා හි, පිහිටි කාමර 126 කින් යුතු හෝටලයක් අයත් වන අතර මෙම සමාගම පෙර හඳුන්වා තිබුණේ  Centara Passikudah Resorts and Spa යන නමිනි.

    අප විසින් මෙම පුවත මුල් වරට රටට හෙලිකළ වාර්තාවට මෙතනින් පිවිසෙන්න.