සෙන්තිවේල් පෑන් ඒෂියා කුට්ටියක් විකුණයි

    July, 9, 2014

    පෑන් ඒෂියා බැංකුවේ සියයට 9.1 ක කොටස් හෙවත් කොටස් මිලියන 26.8 ක් කොළඹ කොටස් වෙළඳ පොළේ ප්‍රකට ආයෝජකයෙකු වන ආර්. සෙන්තිවේල් මහතා අද උදෑසන 10.49 ට පමණ තැප්‍රොබේන් හෝල්ඩින්ග්ස් සමාගමට විකුණා තිබේ.

    මෙය ගිවිසගත් ගනුදෙනුවන් (Crossings) ලෙසින් සිදුව ඇති අතර කොටසක් විකුණා තිබෙන්නේ රුපියල් 20 කට බව විශ්වාසවන්ත ආරංචි මාර්ග අනාවරණය කරයි.

    මේ අනුව, මෙම ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 520 කට ටිකක් වැඩිවේ.