සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට Wedding Show 2024 හිදී Mega Rewards තෑගි පිරිනැමේ

    May, 22, 2024

    සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට Mega Rewards තෑගි පිරිනැමීම පසුගියදා පැවති Wedding Show 2024 හිදී සිදුකෙරිණි. මෙරට විශාලතම විවාහ මංගල ප්‍රදර්ශනය ලෙස සැලකෙන Wedding Show 2024 හි නිල බැංකු සහකරු ලෙස කටයුතු කළේ සෙලාන් බැංකුවයි. Mega Rewards ප්‍රතිලාභ ක්‍රමය සාර්ථක කරගැනීම සඳහා නොමඳ දායකත්වයක් දක්වූ ගනුදෙනුකරුවන් ඇගයීමක් වශයෙන් මෙම තෑගි පිරිනැමීම සිදුවිය.

    Mega Rewards ප්‍රතිලාභ ක්‍රමය යටතේ ගනුදෙනුකරුවන්ගේ ජීවිතයේ විශේෂ සන්ධිස්ථාන, එනම් විවාහය, දරු උපත, විවාහ සංවත්සර, උපන් දින සහ දරුවන්ගේ අධ්‍යාපන ජයග්‍රහණ ආදියේදී සුුදුසුකම් සම්පූර්ණ කළ සියලු ගනුදෙනුකරුවන් මුදල් ත්‍යාග සඳහා සුදුසුකම් ලබයි. මෙවැනි සුවිශේෂී ජීවන සන්ධිස්ථානවලදී අනිවාර්යයෙන්ම ත්‍යාග පිරිනමන එකම ප්‍රතිලාභ ක්‍රමය මෙය වීම විශේෂත්වයකි.

    මෙම තෑගි සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රියාපටිපාටිය සම්පූර්ණ කළ ගනුදෙනුකරුවෝ කිහිප දෙනෙක් Wedding Show 2024 හිදී Mega Rewards ත්‍යාග හිමිකර ගත්හ. 60 වන විය සපිරූ බොරැල්ල ශාඛාවේ සුනීතා හීනටිගල මහත්මිය, 5 වසර ශිෂ්‍යත්ව විභාගයේදී විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කළ වැල්ලවත්ත ශාඛාවේ කවීශාහරි ශ්‍රීසිවකුමරන් ශිෂ්‍යාව, සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත් වූ මොරටුව ශාඛාවේ නතාලි ස්ටෙෆනි ප්‍රනාන්දු ශිෂ්‍යාව, සහ හෝටල් පැකේජයක් දිනාගැනීම සඳහා සුදුසුකම් ලැබූ මොරටුව ශාඛාවේ ජනක රුවන් ඇන්තනි මහතා යන අය මෙලෙස එදින ත්‍යාග හිමිකර ගත්හ.

    “Wedding Show 2024 හිදී අපගේ ගනුදෙනුකරුවන්ට මෙලෙස Mega Rewards ත්‍යාග පිරිනැමීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අපගේ ගනුදෙනුකරුවන්ට අනිවාර්ය ප්‍රතිලාභ පිරිනමන අතරම ඔවුන්ගේ ජීවිත වල වටිනාම සන්ධිස්ථාන සැමරීමේදී අප ඔවුන් සමග සිටිනා බව ඔවුන්ට දනවන වැඩසටහනක්ද වනවා. මේ ජයග්‍රාහකයන් සියලුම දෙනාට අපගේ හදපිරි සුබපැතුම් පිරිනමන අතරම, ඉදිරියටත් ඔවුන්ට විශිෂ්ට සේවාවක් ලබාදීම අපගේ බලාපොරොත්තුවයි.” සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි හා විකුණුම්) ආසිරි අභයරත්න මහතා පැවසී ය.

    සෙලාන් බැංකුවේ Mega Rewards ප්‍රතිලාභ ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු 011-200 88 88 ක්ෂණික ඇමතුම් අංකය අමතා ලබා ගත හැක.