සෙලාන් බැංකුව යුනියන් පෙදෙසේ නව ශාඛාවක් විවෘත කරයි

    July, 19, 2019

    සුහද හදක් ඇති දේශීය බැංකුව වන සෙලාන් බැංකුව, අතිනවීන පහසුකම් වලින් සමන්විත ශාඛාවක් යුනියන් පෙදෙසෙහි විවෘත කිරීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම ශාඛාව අංක 115, යුනියන් පෙදෙස, කොළඹ 02 ස්ථානයේ පිහිටා තිබේ. 


    සෙලාන් බැංකුවේ යුනියන් පෙදෙස ශාඛාව සඳුදා සිට සිකුරාදා දක්වා, පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විවෘතව තැබෙනු ඇත. ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් හා සැහැල්ලුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකරගත හැකි ආකාරයට, ඉතාමත් කාර්යක්ෂම ලෙස සහ අලංකාර ලෙස මෙම ශාඛාව සැලසුම් කර ඇත. තවද පැය 24 පුරා සේවාවන් සලසන 
    ATM යන්ත්‍රයක්, මුදල් තැන්පත් කිරීමේ යන්ත්‍රයක් සහ චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍රයක්ද මෙහි ස්ථාපිත කර තිබේ.

    මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා මෙසේ පැවසී ය. “යුනියන් පෙදෙසේ නව ශාඛාව විවෘත කිරීමට හැකිවීම අපට විශාල සතුටක්. මෙය අපගේ ගනුදෙනුකරුවන් බොහෝ දෙනෙකුට වඩාත් පහසුවෙන් අපගේ සේවාවන් ලබාගැනීමට උපකාරී වේවි. සෙලාන් බැංකුව යනු කවදත් ගනුදෙනුකරුවන්ගේ පහසුව සැලසීමට මුල්තැන දී කටයුතු කරන බැංකුවක්. ඉදිරියටත් ශ්‍රී ලාංකික ගනුදෙනුකරුවන්ට අතිනවීන මූල්‍ය සේවාවන් සමීප කරවීම සඳහා අපගේ ව්‍යාපාරික මෙහෙයුම් කටයුතු, 
    ATM යන්ත්‍ර ජාලය සහ ඩිජිටල් සේවාවන් ව්‍යාප්ත කිරීමට අප බලාපොරොත්තු වෙනවා.”

    ඡායාරූපය:  සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා යුනියන් පෙදෙසේ නව ශාඛාව විවෘත කළ අවස්ථාව. සෙලාන් බැංකුවේ තවත් නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.