May, 28, 2019
සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි නව විධායක සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් අජිත් ගුණවර්ධන මහතා පත් කර තිබේ. මීට පෙර සමාගමේ කළමනාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා වශයෙන් ඔහු කටයුතු කළේය.
මේ අතර මහජන බැංකුවේ හිටපු සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ වසන්ත කුමාර් මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී අධ්යක්ෂ මණ්ඩලයට පත් කර ඇත.
එසේම සෙලින්කෝ ලයිෆ් හි සභාපතිවරයා වන ආර්. රෙන්ගනාදන් මහතා සෙලින්කෝ ඉන්ෂුවරන්ස් පීඑල්සී හි විධායක නොවන නියෝජ්‍ය සභාපතිවරයා වශයෙන් පත්වීම් ලැබ ඇත.
මෙම නව පත්වීම් ජූනි 01 දින සිට බලපැවැත්වේ.
Video Story