සෙලින්කෝ ලයිෆ් ප‍්‍රධාන ඩිජිටල් නිලධාරිනී ලෙස උපමාලිකා රත්නායක පත් කරයි

    February, 24, 2017

    මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගමේ ක‍්‍රියාවලීන් සහ සේවා ලබාදීමේ අංශයේ සිදුකරමින් තිබෙන ඩිජිටල් නවෝත්පාදන කටයුතු සඳහා නායකත්වය ලබාදීම වෙනුවෙන් උපමාලිකා රත්නායක මහත්මිය සමාගමේ ප‍්‍රධාන ඩිජිටල් නිළධාරිනිය (CDO) ලෙස පත්කර තිබේ.

    රත්නායක මහත්මිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ වසර 17 ක කාලයක් සේවය කර තිබෙන අතර ඇය සමාගමේ පළමු ප‍්‍රධාන තොරතුරු නිළධාරිනියද (CIO) වූවාය.

    බි‍්‍රතාන්‍යය පරිගණක සමාජයේ සහ ඕස්ටේ‍්‍රලියානු පරිගණක සමාජයේ සාමාජිකාවක වන ඇය වරලත් තොරතුරු තාක්ෂණික වෘත්තිකයෙකු ලෙස හඳුන්වා දිය හැකිය. CISA (ISACA) සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක පාසලෙන් පරිගණක විද්‍යාව පිළිබඳ MSc උපාධිය ලබා තිබෙන ඇය තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් තවත් බොහෝ වෘත්තීය සුදුසුකම් සපුරා තිබේ. ආසියා පැසිෆික් කළාපයේ ජාතික තොරතුරු තාක්ෂණික වෘත්තීය සමාජයන්හි සමුළුවක් South East Asia Regional Computer Confederation (SEARCC) විසින් 2013 වසරේදී රත්නායක මහත්මිය වෙත ‘Female ICT Leader of the Year’ සම්මානය පුදකරන ලදී.

    ‘‘උපමාලිකාට තොරතුරු තාක්ෂණය, තොරතුරු තාක්ෂණික විගණනය සහ සාමාන්‍ය බැංකුකරණය සම්බන්ධයෙන් පුළුල් පළපුරුද්දක් තිබෙනවා. ඇය අප සමාගම සමග එක්වීමට පෙර මහජන බැංකුවේ සහ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සේවය කර තිබෙනවාල’’ යනුවෙන් ඇය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ආර්. රෙන්ගනාදන් මහතා සඳහන් කළේය. ‘‘ඇය විසින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ බොහෝ ඩිජිටල්කරණ වැඩසටහන් සඳහා නායකත්වය ලබාදී තිබෙනවා. ඒවගේම, ඉදිරියේදී සමාගමේ සිදුවන බොහෝ තොරතුරු තාක්ෂණික සංවර්ධන වැඩසටහන් සඳහා ඇය විසින් නායකත්වය ලබාදීමට නියමිතයි.’’

    රෙන්ගනාදන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ ඩිජිටල් ක‍්‍රියාවලී නවෝත්පාදනය, සංවර්ධනය සහ සමාගමේ ඩිජිටල් ව්‍යාපෘති කළඹ කළමනාකරණය වෙනුවෙන් සමාගමේ ඩිජිටල් හැකියාවන් හඳුනාගනිමින් ප‍්‍රමුඛත්වය ලබාදීමට මෙන්ම එම සේවා සම්පාදනය සඳහා පහසුකම් ලබාදෙන්නෙකු ලෙස රත්නායක මහත්මිය ක‍්‍රියාකරනු ඇති බවයි.

    කොළඹ විශාකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන රත්නායක මහත්මිය තොරතුරු පද්ධති සහ ෂී විගණන කටයුතු වෙනුවෙන් විශේෂඥතාවයක් දක්වන්නීය. සෙලින්කෝ ලයිෆ් සමාගමේ ප‍්‍රධාන රක්ෂණ ඔප්පු කළමනාකරණ මෘදුකාංගය (Life Asia) ආරම්භ කිරීම සහ සමාගමේ ස්වයංක‍්‍රීය ප‍්‍රාරක්ෂණ පද්ධතිය (Ausys) සැලසුම් කරමින් සංවර්ධනය කිරීම වෙනුවෙන් ඇය ගෞරවාදරයට පත්ව තිබේ.

    2004 වසරේ සිට ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වෙළෙඳපොළ ප‍්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ ක්ෂේත‍්‍රයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.