සෙලින්කෝ ලයිෆ් විකුණුම් තරු ඩුබායි හි ජය සමරති

    June, 17, 2024

    දේශීය ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ‘සෙලින්කෝ ලයිෆ්’ සමාගමේ ඉහළ දස්කම් දැක්වූ විකුණුම් වෘත්තිකයින් පිරිසක් සිය සාර්ථකත්වය මෑතකදී ඩුබායිහි සැමරීය. සෙලින්කෝ ලයිෆ් ‘සේලස් සුපර්ස්ටාර්’ (Sales Superstar) තරගයේ ඉලක්ක ජයගත් පුද්ගලයින්, තවත් විකුණුම් තරගයක ජයග්‍රාහකයින් සහ ඒ දෙපිරිසගේ පවුල්වල සාමාජිකයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙයට අයත් විය.

    ඩුබායිහි ඔවුන් ලබාගත් අත්දැකීම් අතර ගෝල්ඩ් සූක් (Gold souk) හා ස්පයිස් සූක් ^Spice Souk& සංචාරයක්, ආබ්රා ගමනක්, පාම් ජුමෙයිරා වෙත මොනොරේල් ගමනක්, බර්ජ්කලීෆා ගොඩනැගිල්ලෙහි සංචාරයක්, සංගීතය සහිත වතුර මල් සංදර්ශනය සහ බාබකියු රාත්‍රිය, ඔටුවන් පැදීම, හෙනා පින්තාරු සහ සාම්ප්‍රදායානුකූල නර්තන සමඟ කාන්තාරයේ සෆාරි වැඩසටහනක් අයත් විය. ඩුබායි හි දින හතරක් ගත කළ කණ්ඩායම සේයාරුවෙන් දැක්වේ.