• Ada Derana BIZ Sinhala
  • Ceylinco Life’s
  • classroom donation
  • Sevanagala primary
  • sri lanaka

සෙලින්කෝ ලයිෆ් විසින් 2022 වසරේදී පරිත්‍යාග කළ ප‍්‍රථම පන්ති කාමර ගොඩනැගිල්ල සෙවනගල ප‍්‍රාථමික විදුහලට

June, 8, 2022

සෙලින්කෝ ලයිෆ් විසින් පාසැල් සඳහා පන්ති කාමර පරිත්‍යාග කරන දිගුකාලීන ප‍්‍රජා සත්කාරක වැඩසටහන යටතේ පසුගියදා මොණරාගල දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාථමික පාසැලක ස්ථීර ගොඩනැගිල්ලක් නොමැතිව අධ්‍යාපනය ලැබූ සිසු දරුවන් පිරිසකට නව පන්ති කාමරයක් ලැබුනු අතර මෙම ව්‍යාපෘතියෙන් මේ වනවිට පාසැල් 80 කට වැඩි සංඛ්‍යාවක් ප‍්‍රතිලාභ ලබා තිබේ.

මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් මේ වසරේ ලබාදුන් පළමු පන්ති කාමරය සෙවනගල, ඉඳිකොළ පැලැස්ස ප‍්‍රාථමික විදුහලේ සිසු දරුවන්ට පරිත්‍යාග කරනු ලැබීය. මෙම නව පන්ති කාමර ගොඩනැගිල්ල ඉදිකිරීමට පෙර පාසැලේ ගොඩනැගිලි තුනක් පමණක් තිබූ අතර සෙලින්කෝ ලයිෆ් විසින් ඉදිකළ ගොඩනැගිල්ල වර්ග අඩි 395 ක් වේ. මෙම ප‍්‍රාථමික පාසැලේ සිසු දරුවන් 144 දෙනෙකු සහ ගුරුවරුන් 06  දෙනෙකු සිටිති.

මෙම ව්‍යාපෘතිය සෙලින්කෝ ලයිෆ් සමාගමේ ඇඹිලිපිටිය ශාඛාව මගින් සම්බන්ධීකරණය කළ අතර 2021 නොවැම්බර් මාසයේ සහ 2022 අපේ‍්‍රල් මාසය අතර මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කරන ලදී. මෙම පන්තිකාමර ගොඩනැගිල්ල මගින් ප‍්‍රතිලාභ ලබන දරුවන්ගේ දෙමව්පියන්ද මෙහි ඉදිකිරීමේ කටයුතු සඳහා ස්වේච්ඡුාවෙන්ම සහභාගීවීම කැපී පෙනේ.

ඉඳිකොළ පැලැස්ස කණිටු විදුහලට අධ්‍යාපනය සඳහා ගොවි ප‍්‍රජාවෙන් දරුවන් පැමිණෙන අතර ඔවුන් වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ දැවැන්ත අභියෝගයකට මුහුණ දී සිටී. මෙම අභියෝගයන් හමුවේ වුවද 05 වසර ශිෂ්‍යත්ව විභාගවල මෙම දරුවන් හොඳ ප‍්‍රතිඵල පෙන්වා තිබෙන අතර ඔවුන්ට අනාගතය සාර්ථක කර ගැනීමට අතහිත ලබාදීමට සෙලින්කෝ ලයිෆ් සමාගම ඉදිරිපත් වී සිටී.

සෙලින්කෝ ලයිෆ් සමාගම වසර ගණනාවක් පුරා මේ ආකාරයෙන් ගොඩනැගූ පන්ති කාමර ගොඩනැගිලි සමාගම විසින්ම නඩත්තු කරන අතර ඒ තුළින් බලාපොරොත්තු වන්නේ පරම්පරා ගණනාවකට මෙම ගොඩනැගිලි වලින් ප‍්‍රයෝජන ලබාගැනීම සඳහා අවස්ථාව ලබාදීමටයි. මේ ආකාරයෙන් අවශ්‍යතා සහිත පාසැල් හඳුනා ගනිමින් ඉදිරියටත් පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීමට සමාගම කටයුතු කරන බව සමාගම සඳහන් කරයි.

සමාගම විසින් 2004 වසරේදී ලූණුගම්වෙහෙර තිස්ස ප‍්‍රාථමික විද්‍යාලයෙන් මෙම පන්ති කාමර ගොඩනැගිලි ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කළ අතර මේ වනවිට යාපනය, වව්නියාව, ත‍්‍රිකුණාමලය, මූතූර්, මඩකළපුව, සිත්තන්ඩි, මොල්ලිපතාන, අයිත්‍යමලෙයි, ඇඹිලිපිටිය, නිවිතිගල, බෙලිගල, අවිස්සාවේල්ල, දෙණියාය, කඹුරුපිටිය, බණ්ඩාරවෙල, හපුතලේ, රඹුක්කන, මහනුවර, පිළිමතලාව, මඩුල්කැලේ, රිකිල්ලගස්කඩ, රජවේල්ල, මාතලේ, ගල්ගමුව, පදවිය, බොරළුවැව, අනුරාධපුරය, මොණරාගල, ආනමඩුව, මතුගම, කිලිනොච්චිය, මන්නාරම, වැල්ලවාය, තලාව, හලාවත, ගලගෙදර, රත්කැරැව්ව, හැටන්, බදුල්ල, නුවරඑළිය, වැලිමඩ, පුත්තලම, පොලොන්නරුව, මතුගම, ඇල්පිටිය, කෑගල්ල සහ සෙවනගල යන ප‍්‍රදේශවල පාසැල් සඳහා සමාගම විසින් පන්ති කාමර ගොඩනැගිලි ඉදිකර භාරදී තිබේ.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස  නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.