• Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • Family Savari
  • sri lanaka

සෙලින්කෝ ලයිෆ් සිය ‘ෆැමිලි සවාරි’ ජයග‍්‍රාහකයින්ට මුදල් ත්‍යාග ලබාදීම අරඹයි

July, 6, 2022

සෙලින්කෝ ලයිෆ් සමාගම සිය ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ලබාදෙන ත්‍යාග වලින් ජයග‍්‍රාහකයින්ට ලබාදෙන ප‍්‍රතිලාභය වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ තවදුරටත් අර්ථවත් කරමින් මුදලින් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ තුළින් ජයග‍්‍රාහකයින් විසින් දිනාගන්නා ත්‍යාගවල වටිනාකමට සමාන මුදල් ලබාදෙන බව සමාගම සඳහන් කරයි.

මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන 15 වන වසර සඳහා පැවැත්වෙන අතර කොවිඞ්-19 වසංගත කාලයේදී විදෙස් සංචාර සහ දේශීය සංචාර සිදුකළ නොහැකිවූ නිසා මෙම ප‍්‍රවර්ධන වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට ත්‍යාග වශයෙන් රත්තරන් ලබාදීමට සමාගම තීරණය කරන ලදී. කෙසේවෙතත්, වර්තමානයේ පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ සමාගම සඳහන් කරන්නේ ජයග‍්‍රාහකයින්ට ඔවුන් ජයග‍්‍රණය කරන ත්‍යාගවල සම්පූර්ණ වටිනාකම මුදලින් ලබාදෙන බවයි.

‘පවතින තත්ත්වය අනුව ත්‍යාගයේ සම්පූර්ණ වටිනාකම මුදලින් ලබාගැනීමට අපගේ ‘ෆැමිලි සවාරි’ ජයග‍්‍රාහකයින් කැමති වනු ඇතැයි අපට විශ්වාසයි,’ යනුවෙන් මෙම තීරණය පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සාමාන්‍යාධිකාරී - අලෙවිකරණ, සමිත හේමචන්ද්‍ර මහතා පැවසීය. ‘මෙහිදී මාස දෙකකට වරක් පවත්වන දිනුම් ඇදීමේදී පළමු ස්ථානය ලබාගන්නා ජයග‍්‍රාහකයාට සමාගම විසින් රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබාදෙනවා. ඒ වගේම, තවත් ජයග‍්‍රාහකයින් 75 දෙනෙකුට රුපියල් මිලියන 03 ක අගයකට මුදල් ත්‍යාග ලබාදීමට අපි සූදානම්.’

මේ අනුව, සමස්තයක් ලෙස ගත්විට 2022 අගෝස්තු මාසයේදී අවසන් වීමට නියමිත මෙවර ‘ෆැමිලි සවාරි’ වැඩසටහන මගින් රක්ෂණ ඔප්පුහිමියන් 1000 කට වැඩි සංඛ්‍යාවකට ත්‍යාග ලබාදෙන අතර ත්‍යාග මල්ලේ මුළු වටිනාකම රුපියල් මිලියන 30 කි. මෙයට සැනසිලි ත්‍යාග වශයෙන් ලබාදෙන රුපියල් මිලියන 06 කට ආසන්න සුපිරි වෙළෙඳසැල් වවුචර්ද ඇතුළත් වන බව සමාගම සඳහන් කරයි.

මාස දෙකකට වරක් පැවැත්වෙන මෙම දිනුම් ඇදීම් 06 සඳහා සුදුසුකම් ලැබීමට සෙලින්කෝ ලයිෆ් ගනුදෙනුකරුවන් තම ජීවිත රක්ෂණ සැලසුම හෝ විශ‍්‍රාමික සැලසුම ප‍්‍රවර්ධන කාල සීමාව තුළදී සක‍්‍රීයව පවත්වාගෙන යාම හෝ අවම ගිණුම් ශේෂයක් පවත්වාගෙන යා යුතුය. මීට අමතරව, සමාගම වෙත සෘජුවම රක්ෂණ වාරික මුදල් ගෙවන ඔප්පුහිමියන්ට අමතර දිනුම් අවස්ථාවන් හිමිවන අතර ඔවුන් සමාගමේ ගනුදෙනුකරුවෙකු වී සිටින කාල සීමාව අනුව එම අමතර දිනුම් අවස්ථාවන් සංඛ්‍යාව වැඩිවන බව සමාගම සඳහන් කරයි.

සමස්තයක් ලෙස ගත්විට පසුගිය කාලය තුළදී මෙම වැඩසටහනින් මේ දක්වා ප‍්‍රතිලාභ ලැබූ සංඛ්‍යාව 26,000 කට වැඩි බව සමාගම සඳහන් කරයි. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පු හිමියන්ට ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප‍්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාවත් අනිකුත් ජයග‍්‍රාහකයින්ට චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කිරීමේ අවස්ථාවත් උදාවිය.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස  නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.