• Ada Derana BIZ Sinhala
  • Ceylinco Life
  • sri lanaka

සෙලින්කෝ ලයිෆ් ‘සිහින සිතුවම්’ තරඟයට ලාංකීය දරුවන්ගේ සිහින වලින් වර්ණවත් වූ නිර්මාණ 70,000 ක්

July, 25, 2022

සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් දිවයින පුරා විසිරී සිටින දරුවන් වෙනුවෙන් සංවිධානය කරන ‘සිහින සිතුවම්’ ළමා චිත‍්‍ර තරඟය සහ රචනා තරඟය සඳහා ඉහළ ප‍්‍රතිචාරයක් හිමිවෙමින් නිර්මාණ 70,000 ක් ලැබී තිබෙන බව සමාගම නිවේදනය කර ඇත.

මෙම සෑම චිත‍්‍රයක් සහ රචනාවක්ම ‘මගේ අනාගත බලාපොරොත්තුව’ (Your dream when you grow up) යන තේමාවෙන් ‘සිහින සිතුවම්’ වෙබ් අඩවිය ඔස්සේ එවීමට හෝ සෙලින්කෝ ලයිෆ් ශාඛාවකට පැමිණ භාරදීමට අවස්ථාව ලබාදී තිබුණි. සමාගම සඳහන් කරන්නේ කොවිඞ්-19 වසංගතය සහ පසුව පැමිණි ආර්ථික අර්බුදය හමුවේ මෙම දරුවන් වැඩි වශයෙන් නිවසටම වී සිටියද ඔවුන්ගේ නිර්මාණ සඳහා ඔවුන්ගේ මනරම් සිතුවිලි සහ බලාපොරොත්තු ආලෝකයක් වී තිබෙන බවයි.

මේ අනුව, චිත‍්‍ර වලින් තමන් අනාගතයේදී ඉංජිනේරුවන්, ගුරුවරුන්, වෛද්‍යවරුන් මෙන්ම අනාගත නාසා විද්‍යාඥයින්, තානාපතිවරුන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යවරයා වීමේ බලාපොරොත්තු විදහා දක්වා තිබෙන බව සමාගම සඳහන් කරයි. එලෙසම, බාධක ජයගෙන, සිහින සැබෑ කරගනමින් හොඳ අනාගතයක් අත් කර ගැනීම පිළිබඳ බලාපොරොත්තු මතුකර තිබේ.

මෙම චිත‍්‍ර සහ රචනා තරඟයට සහභාගී වූ සියළුම දරුවන්ට සෙලින්කෝ ලයිෆ් විසින් සහතික පත‍්‍රයක් ප‍්‍රදානය කළ අතර මේ වනවිට වයස් කාණ්ඩ තුනක් යටතේ ජයග‍්‍රාහකයින් 362 දෙනෙකු සමාගම විසින් තෝරාගනිමින් සිටී. මෙම තරඟයේ සම්මාන ප‍්‍රදානය ළඟදීම පවත්වන බවත්, ජයග‍්‍රහණය කරන චිත‍්‍ර මහජන ප‍්‍රදර්ශනයට අවස්ථාව සලසමින් අන්තර්ජාලය ඔස්සේ එම චිත‍්‍ර ප‍්‍රදර්ශනය කරන බවද සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම තරඟය සඳහා සහභාගී වූ තරඟකරුවන්ගේ නිර්මාණ එක් කරමින් ඔවුන්ගේ අනාගත සිහින සැබෑ කරගැනීමට ඔවුන් උනන්දු කරමින් සෙලින්කෝ ලයිෆ් විසින් වීඩියොවක් නිර්මාණය කර තිබෙන අතර එය සමාගමේ සමාජ මාධ්‍ය නාලිකා ඔස්සේ ප‍්‍රචාරය කරන ලදී. සමාගම සඳහන් කරන්නේ මේ දක්වා එම වීඩියෝව සඳහා 870,000 ක නැරඹුම් වාර ප‍්‍රමාණයක් ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවදුරටත් මෙම වීඩියෝව ප‍්‍රචාරය කරන බවයි.

මෙම ‘සිහින සිතුවම්’ තරඟය අවුරුදු 04 සිට 15 ක් දක්වා දරුවන්ට විවෘත වූ අතර මෙය වයස් කාණ්ඩ තුනක් යටතේ පවත්වන ලදී. මෙහිදී, දරුවන් විසින් සිතුවම් කළ චිත‍්‍ර සහ සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවන් වලින් ලියූ රචනා සමාගම විසින් පෙබරවාරි 01 වනදා සිට අපේ‍්‍රල් 30 වනදා දක්වා භාර ගත්තේය. මෙහිදි, මෙම වයස් කාණ්ඩ තුන අතුරින් එක් වයස් කාණ්ඩයක් සඳහා එක් නිර්මාණයක් ලබාදීමේ අවස්ථාව දරුවන්ට ලබාදී තිබුණු අතර අවුරුදු 4-7, අවුරුදු 8-11, අවුරුදු 12-15 යන වයස් කාණ්ඩ තුන යටතේ සමාගම විසින් නිර්මාණ භාර ගන්නා ලදී. මෙම වයස් කාණ්ඩ තුන සඳහාම චිත‍්‍ර තරඟය පැවැත්වුණු අතර රචනා තරඟය පැවැත්වුණේ වයස් කාණ්ඩ 02 ක් සඳහා පමණි.

මෙම සෑම වයස් කාණ්ඩයකම ඒ ඒ භාෂාවන්ද ආවරණය වන පරිදි පළමු ස්ථානය දිනාගන්නා දරුවන්ට එක් අයෙකුට රුපියල් 30,000 ක් බැගින් මුදල් ත්‍යාග සමාගම විසින් ලබාදෙන අතර දෙවන ස්ථානයට එක් අයෙකුට රුපියල් 20,000 ක් සහ තෙවන ස්ථානයට එක් අයෙකුට රුපියල් 10,000 ක් බැගින් සමාගම විසින් මුදල් ත්‍යාග ලබාදෙනු ඇත. මීට අමතරව, ළමා චිත‍්‍ර ශිල්පීන් 25 දෙනෙකුට දිස්ත‍්‍රික් වශයෙන් සමාගම විසින් ත්‍යාග පිරිනමන අතර චිත‍්‍ර සහ රචනා තරඟයේදී දක්ෂතා දැක්වූ දරුවන්ට සැනසිලි ත්‍යාග ලබාදීමටත් කටයුතු කරනු ඇත. සෙලින්කෝ ලයිෆ් සමාගම විසින් 2022 වසරේ පෙබරවාරි 11 වනදා සිට 17 වනදා දක්වා සිදුකළ ජීවිත රක්ෂණ සතියට සමගාමීව ‘සිහින සිතුවම්’ වැඩසටහනද පැවැත්වූ අතර එම සතියේදී සමාගම විසින් ජීවිත රක්ෂණයක තිබෙන වැදගත්කම සහ එමගින් ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කරන ලදී.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය ලෙසින් සහ 2021 වසරේ LMD විසින් ශ‍්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ‘වඩාත් ජනප‍්‍රිය සේවා සපයන්නා’ ලෙස  නම් කර ඇති සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 34 න් අර්ධයකට අධික කාලයක් මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී ඇත. 2021 වසරේ දී ශ‍්‍රී ලංකාවේ වඩාත් වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙස බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ද නම් කරන ලද සෙලින්කෝ ලයිෆ් එම වසර සඳහා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ‍්‍රී ලංකා ශාඛාව (ICCSL) සහ CIMA ආයතනය ශ්‍රේණිගත කළ ‘ශ‍්‍රී ලංකාව තුළ වඩාත්ම ප‍්‍රසාදයට ලක් වූ සමාගම්’ 10 න් එකක් වූ අතර පිට පිටම 08 වන වසර සඳහාත් වර්ල්ඞ් ෆයිනෑන්ස් විසින් ශ‍්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂකයා ලෙස ද තෝරා ගන්නා ලදී. 2022 වසරේ Great Place to Work® විසින් ශ‍්‍රී ලංකාවේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ (BFSI) ක්ෂේත‍්‍රයේ හොඳම සේවා ස්ථාන 10 අතරට සෙලින්කෝ ලයිෆ් සමාගම ශ්‍රේණිගත කර ඇති අතර SLIM Kantar ජනතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී අඛණ්ඩව වාර්තාගත 16 වන වසරටත් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙස ද සෙලින්කෝ ලයිෆ් සමාගම නම් කරන ලදී.

සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කරන සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.