සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලි සවාරි’ නවතම වැඩසටහන රක්ෂණ ඔප්පුහිමි පවුල් 655 කට ජය ගෙනෙයි

    February, 19, 2020

    සෙලින්කෝ ලයිෆ් සමාගමේ නවතම ෆැමිලි සවාරි වැඩසටහන යටතේ මෙරට සියළුම දිස්ත‍්‍රික්ක නියෝජනය කරමින් 2,600 කට අධික පිරිසක් 2020 වසර එළඹෙද්දී නව ජයග‍්‍රාහකයින් බවට පත්වූ අතර මොවුන්ට 2020 වසරේදී විදේශීය සහ දේශීය විනෝදාස්වාද අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

    මේ අනුව, අම්බලන්ගොඩ, කොළඹ උතුර (පවුල් දෙකක්), නාත්තන්ඩිය සහ නෙල්ලිඅඩි ප‍්‍රදේශවල සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමි පවුල් 05 ක සාමාජිකයින් සියළුම වියදම් සහිතව නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩම් වෙත සංචාරය කිරීමේ අවස්ථාව සුපිරි ත්‍යාගය ලෙස ජයග‍්‍රහණය කළේය. මේ අතර, සමාගමේ තවත් රක්ෂණ ඔප්පුහිමි පවුල් 50 ක සාමාජිකයින්ට සිංගප්පූරුවේ සංචාරය කිරීමේ අවස්ථාව ද, රක්ෂණ ඔප්පුහිමි පවුල් 100 ක සාමාජිකයින්ට තරු පන්තියේ හෝටලයක රාත‍්‍රී නවාතැන් ගනිමින් මහනුවරට දුම්රියෙන් සංචාරය කිරීමේ අවස්ථාව සහ රක්ෂණ ඔප්පුහිමි පවුල් 500 ක සාමාජිකයින්ට ලෙෂර් වර්ල්ඞ් උද්‍යානයේ දිනක් පුරා විනෝදවීමේ අවස්ථාව උදාකර දෙන ලදී.

    ශ‍්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත‍්‍රයේ වැඩිම කාලයක් පැවති විශාලතම ප‍්‍රවර්ධන වැඩසටහන වන ‘ෆැමිලි සවාරි’ වැඩසටහන යටතේ ජයග‍්‍රාහී රක්ෂණ ඔප්පු හිමියන් 655 ක් මෙවර පැවති 13 වන වැඩසටහන යටතේ තෝරාගෙන තිබෙන අතර එමගින් පුද්ගලයින් 2,620 ප‍්‍රතිලාභ ලබා ඇත. මොවුන්ට හිමිවන විදේශීය සහ දේශීය සංචාර මේ වසරේ පළමු අර්ධය තුළදී ලබාදෙන බව සමාගම සඳහන් කරයි.

    ජීවිත රක්ෂණය කෙරෙහි ආකර්ශනය වැඩිකරමින් රක්ෂණ ඔප්පුහිමියන්ට තම රක්ෂණ සැලසුම් ක‍්‍රියාකාරීව පවත්වා ගැනීමට දිරි දීමට සිදුකරන මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සමස්තයක් ලෙස පසුගිය වසර 12 තුළදී 26,000 වැඩි පිරිසක් ප‍්‍රතිලාභ ලබා තිබේ. මෙම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ මීට පෙර සුපිරි ත්‍යාගය දිනාගත් රක්ෂණ ඔප්පුහිමියන්ට  ඕස්ටේ‍්‍රලියාව, ඉතාලිය, එංගලන්තය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ජපානය සහ ප‍්‍රංශය යන රටවලට සංචාරය කිරීමේ අවස්ථාව උදාවූ අතර අනිකුත් ජයග‍්‍රාහකයින් චීනය, ඩුබායි සහ සිංගප්පූරුව යන රටවල සංචාරය කළේය.

    මෙහිදී, සියලූම ක‍්‍රියාකාරී දිගුකාලීන ජීවිත රක්‍ෂණ ඔප්පුහිමියන්ට, සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම සැලසුම් ගිණුම් හිමියන්ට සහ නව රක්‍ෂණ ඔප්පුහිමියන් අතරින් අඩුම වශයෙන් වාරික තුනක් ගෙවා රක්ෂණ ඔප්පුව ක‍්‍රියාකාරී අයුරින් පවත්වාගෙන යන ඔප්පුහිමියන්ට මෙම දිනුම් ලබාගැනීමේ අවස්ථා හිමිවේ. රක්ෂණ ඔප්පුවේ වටිනාකම හෝ සෙලින්කෝ ලයිෆ් විශ‍්‍රාම සැලසුමේ තිබෙන ශේෂය අනුව සමහර ඔප්පුහිමියන් අංශ හතර යටතේම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලබයි.

    ඔප්පුහිමියන්ගේ ළබැඳි බවට වටිනාකමක් එක්කිරීමට රක්ෂණ ඔප්පුවේ සෑම වසරක්ම සඳහා ඔවුන්හට අමතර දිනුම් අවස්ථාවක් එක්කිරීමට සමාගම කටයුතු කරන අතර  ඔප්පුව ප‍්‍රාණවත්ව පවත්වාගෙන යන ඔප්පුහිමියන්ට දිනුම් අවස්ථා 15 ක උපරිමයක් දක්වා හිමිකර ගත හැක. මීටඅමතරව, සෘජු ගෙවීමේ ක‍්‍රමයක් (බැංකු අණකර වැනි) භාවිතා කරමින් අවම වශයෙන් වාරික තුනක් ගෙවා තිබෙන රක්ෂණ ඔප්පුහිමියන්ටද අමතර දිනුම් අවස්ථාවක් හිමිවේ.

    සෙලින්කෝ ලයිෆ් ‘ෆැමිලිසවාරි’ ප‍්‍රවර්ධන වැඩසටහනේ සන්නාම තානාපතිවරුන් ලෙස ජනප‍්‍රිය රංගන ශිල්පීන් වන ශ‍්‍රියන්ත මෙන්ඩිස් මහතා, සංජීවනී වීරසිංහ මහත්මිය සහ රොෂාන් රණවන මහතා සහ ඔහුගේ ප‍්‍රියබිරිඳ වන කුෂ්ලානී මහත්මිය කටයුතු කරන අතර ඔවුන් දේශීය මෙන්ම විදෙස් සංචාර සඳහාද සහභාගීවේ.

    සෙලින්කෝ ලයිෆ් සමාගම ආරම්භ කර ගෙවුණු වසර 32 තුළ වසර 16 ක්ම මෙරට ජීවීත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා බවට පත්වීමට සමත්වී තිබේ. සෙලින්කෝ ලයිෆ් සක‍්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක‍්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.

    2019 වසරේදී ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සම්මාන ලැබූ සෙලින්කෝ ලයිෆ් එම වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. එසේම, 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සහ ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 13 වසරක් මෙරට වඩාත්ම ජනප‍්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සමාගම සම්මානයට පාත‍්‍රකර තිබේ.

     

    සේයාරු සටහන - සෙලින්කෝ ලයිෆ් සභාපති, ආර්. රෙන්ගනාදන් මහතා (දකුණේ) සහ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා ‘ෆැමිලි සවාරි’ මහා දිනුම් ඇදීමේ දී ජයග‍්‍රාහකයින් තෝරා ගනිමින්.