July, 25, 2019
සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL) හි, ප‍්‍රධාන වෛද්‍ය චිකිත්සකවරයා මෑතකදී ඉතාලියේ මිලාන් හි පැවති විකිරණ ප‍්‍රතිකාර සැලසුම්කරණයට අදාළ නවතම උපක‍්‍රම පිළිබඳව පුහුණු වැඩසටහනක් සාර්ථකව නිම කිරීමට සමත්විය. මේ අනුව, මාස දෙකක කාලය ඇතුළත සමාගමේ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ විදේශීය පුහුණුව ලැබූ තුන් වැන්නා ඔහු විය.
මෙම පුහුණු වැඩසටහන සඳහා සමන්ත ගුණවර්ධන මහතා සහභාගී වූ අතර එය පැවැත්වූයේ විකිරණ ඔන්කොලොජි ප‍්‍රතිකාර සම්බන්ධයෙන් ගෝලීය දැවැන්තයෙකු වන Varian Medical Systems International AG සමාගම විසිනි. සමාගම විසින් මෑතකදී නව Clinac®iX ලීනියර් ඇක්සලේටර් යන්ත‍්‍රයක් මිලදී ගැනීම සම්බන්දව මෙම පුහුණුව ලබාදෙන ලදි.
දින පහක් පුරා පැවති මෙම පුහුණු වැඩසටහන‘Varian Applied Physics: Advanced RapidArc Planning Course’යනුවෙන් නම්කර තිබූ අතර මෙහිදී ඉතා සංකීර්ණ පිළිකා තත්ත්ව වලදී RapidArc තාක්ෂණය භාවිතා කරමින් විකිරණ ප‍්‍රතිකාර සඳහා ප‍්‍රවේශවීම සහ සැලසුම් කිරීම පිළිබඳව අවධානය යොමුවිය. මෙම වැඩසටහනේදී ඉතාලියේ මිලාන් නගරයේ පිහිටි Humanitas රෝහලේදී ප‍්‍රායෝගික පුහුණුවක්ද ලබාදෙන ලදී.
සමන්ත ගුණවර්ධන මහතා පසුගිය වසර 25 ක කාල සීමාව තුළ මෙරට පුද්ගලික සහ රාජ්‍ය අංශයේ වෛද්‍ය චිකිත්සකයෙකු ලෙස කටයුතු කර තිබේ. ඔහු කැළණිය විශ්ව විද්‍යාලයෙන් භෞතික විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී (B.Sc.) උපාධිය හිමිකරගෙන තිබෙන අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි විද්‍යා ආයතනයෙන් පශ්චාත් විද්‍යාවේදී (MSc) උපාධිය හිමිකර ගෙන තිබේ.
සාධාරණ මිලකට ප‍්‍රතිකාර ලබාදෙන මෙරට වඩාත්ම පළපුරුදු පුද්ගලික අංශයේ පිළිකා ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වන සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විසින් සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සහ සෙලින්කෝ ටොමෝතෙරපි ප‍්‍රතිකාර මධ්‍යස්ථානය යන අති නවීන ප‍්‍රතිකාර මධ්‍යස්ථාන දෙකේ මෙහෙයුම් කටයුතු සිදුකරයි. මෙමගින් පසුගිය දශකය පුරා ශ‍්‍රී ලංකාවේ රෝගීන් 5000 කට වැඩි සංඛ්‍යාවකට විකිරණ ප‍්‍රතිකාර ලබාදී තිබේ. සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය සහ සෙලින්කෝ ටොමෝතෙරපි මධ්‍යස්ථානය විසින් වසරකට ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් 500,000 විදේශ විනිමයක් ඉතිරිකර දෙනබව මේ වනවිට ගණනය කර තිබේ. සෙලින්කෝ දියවැඩියා මධ්‍යස්ථානයද සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් සමාගමට අයත් වන අතර එමගින් රෝග විනිශ්චය සහ ප‍්‍රතිකාර රැකවරණය ලබාදෙයි.
සේයාරු සටහන - සමන්ත ගුණවර්ධන මහතා (වමේ සිට දෙවැන්නා) ඉතාලියේ පැවති පුහුණු වැඩසටහනේදී එයට සහභාගී වූවන් සමග.
Video Story