සෙවණ සුපිරි ත්‍යාගයට නව නිවසක්

    July, 19, 2017

    ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වා ගෙන යනු ලබන 'සෙවණ' ක්ෂණික ලොතරැයියට අමතරව, 'සෙවණ' නමින් දිනුම් අදිනු ලබන ලොතරැයියක් 2017 06 23 දිනට යෙදී තිබූ ජාතික නිවාස දිනයට සමගාමීව වෙළඳ පොළට නිකුත් කරනු ලැබ ඇති අතර, එහි ප්‍රථම දිනුම් ඇදීම 2017 07 27 දින සිදු කිරීමට නියමිතය.

    මෙම ලොතරැයියේ සුපිරි ත්‍යාගය ලෙස කොළඹට තදාසන්න ප්‍රදේශයකින් හෝ වෙනත් නාගරික ප්‍රදේශයකට ආසන්නව සියලු පහසුකම්වලින් සමන්විත නව නිවසක් පිරිනැමීමට යෝජනා වී තිබේ.

    ඒ අනුව, නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය හා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්දේශ කරනු ලබන ආයතනයකින් ත්‍යාග සඳහා පිරිනමනු ලබන නිවාස මිලට ගැනීමටත්, මෙම ලොතරැයියේ අලෙවි ආදායමෙන් අදාළ දායක මුදල් සෙවණ අරමුදලට ලබා දීමටත් විදේශ කට‍යුතු අමාත්‍ය රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.