සෙස් ඉවත් කරන්න – තේ අපනයනකරුවෝ ඉල්ලති

    October, 24, 2017

    තේ කර්මාන්තයට පනවා ඇති සෙස් බදු සියල්ල ඉවත් කරන ලෙස 2018 අයවැය වෙනුවෙන් යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා පැවසීය. අයවැය සඳහා මහජන අදහස් කැඳවා ඇති අවස්ථාවක තේ අපනයනකරුවන් ලෙසින් ඒ සඳහා යොමු කළ යෝජනා මොනවා දැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය.

    “අපි අපේ යෝජනා දුන්නා. තේ කර්මාන්තයට පනවලා තියෙන සෙස් බදු සියල්ල ඉවත් කරන්න කියලා අපි ඉල්ලුවා. දෙවෙනි එක තමයි මේ කර්මාන්තය ලිබරල්කරණය කරන එක. තෙවන යෝජනාව තමයි කොළඹ තේ වෙන්දේසිය ස්වයංකරණය කරන්න කියලා. කොළඹ තේ වෙන්දේසිය තාම මැනුවල් ඔපරේෂන්ස් එකක් වෙන්නේ. හුඟක් රටවල් වෙන්දේසි ස්වයංකරණය කරලා තියෙනවා. ඉන්දියාව Automate කළා. කෙන්යාවත් Automate කරගෙන යනවා. මෙච්චර කල් ලොකුම වෙන්දේසි මධ්‍යස්ථානය තිබුණේ ශ්‍රී ලංකාවේ. අප ගොඩක් පසුපසින් සිටින්නේ“, යැයි කරුණාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.