සේවක වැටුම් ඉහළ නැංවීමට වතු සේවක සංගම්වල ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක්

    January, 11, 2019

    වැවිලි වතු සේවකයන්ගේ වැටුම් ඉහළ නැංවීමේ ඇති හැකියාව සොයාබැලීම පිළිබඳ සාකච්ඡවක් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

    වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා, ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතා, ලංකා ජාතික වතු කම්කරුවන්ගේ සංගමයේ මහ ලේකම් හා වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් මැතිතුමා හා කම්කරු වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය දයා ගමගේ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (10) නාරාහේන්පිට පිහිටි කම්කරු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී වතු සේවක සංගම් වල ප්‍රධානීන් සමඟ සාකච්ඡාවක් පැවැත්විණි.

    එහිදී වතු සේවකයින් වෙනුවෙන් රුපියල් දාහක වැටුපක් ලබා දීම පිළිබඳව සාකච්ඡා කළ අතර, වතු සමාගම් ප්‍රධානීන් විසින් රුපියල් 940 ක මුදලක් ලබා දිය හැකි බව පැවසුව ද අමාත්‍යවරුන් විසින් රුපියල් දාහක මුදලක් ලබා දිය හැකි බව ඒ අවස්ථාවේදී පෙන්වා දුන්නේ ය.

    ඉන් පසුව වතු සමාගම් ප්‍රධානීන් මේ පිළිබඳව සාකච්ඡා කර ඉදිරියේදී එකඟතාවයකට පැමිණ දැනුම් දීමට කටයුතු කරන බව දන්වන ලද බව අමාත්‍යවරු විසින් වතු සේවක සංගම් ප්‍රධානීන් හට දැනුම් දෙන ලදී.

    News.lk