සොෆ්ට්ලොජික් ලයිෆ් සිය අලෙවි බලකාය අධ්‍යාපනික වශයෙන් බලගැන්වීම සඳහා කැලණිය විශ්වවිද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තබයි

    August, 6, 2019

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රක්ෂණ උපදේශකවරුන් සඳහා ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා

    ශ්‍රී ලංකා ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වේගවත්ම වර්ධනය වාර්තා කරන සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම තම රක්ෂණ නියෝජිතයින් අධ්‍යාපනික වශයෙන් බලගැන්වීම උදෙසා කැලණිය විශ්වවිද්යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගියදා සිදු කෙරිණි. මෙම ගිවිසුම යටතේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාව පිළිගත් ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සොෆ්ට්ලොජික් ලයිෆ් අලෙවි බලකායට හිමිවන අතර ඔවුන් ඵලදායි මට්ටමට ගොඩ නැංවීම මෙහි ප්‍රධාන අරමුණ වේ.

    ශ්රී ලංකාවේ විශිෂ්ටතම සේවා ආයතන 25 අතර (Great Place to Work ) අඛණ්ඩව සිව්වැනි වරටත් 2019 වසරේදි ඇගයීමට ලක්වූ සමාගමක් ලෙස තම ආයතනයේ විශිෂ්ටත්වය ගොඩ නැගීමට සිය සේවා බලකායේ විශිෂ්ටත්වය ගොඩනැංවීම අත්යවශ්ය බව විශ්වාස කොට කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් මෙම පාඨමාලා තුළින් තම උපදේශක කාර්ය මණ්ඩලය පිළිබඳව සමාජයේ පවත්නා උසස් පිළිගැනීම තව දුරටත් ඉහළ නැංවීමට සමාගම අපේක්ෂා කරයි.

    ඔවුන්ගේ නවතම ව්යාපෘතිය පිලිබඳ අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් හී කළමනාකාර අධ්යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා,” වෘත්තීය අලෙවි බලකායක් යනු සේවා විශිෂ්ටත්වයේ පදනම ලෙස සලකන්න පුළුවන්. අපගේ උපදේශකවරුන්ගේ වෘත්තීය සංවර්ධනය වෙනුවෙන් අප කරන්නාවූ අඛණ්ඩ දායකත්වය සහ ආයෝජනය පිළිබඳව අප සැබවින්ම ආඩම්බර වෙනවා. කැලණිය විශ්වවිද්යාලය සමග එළැඹෙන මෙම ගිවිසුම අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය තුළින් නව අලෙවි හා සේවා සංස්කෘතියක් බිහිකිරීමෙහිලා අප කරන්නාවූ කැපවීම සම්බන්ධව ලබා දිය හැකි පැහැදිලි සාක්ෂියක්යැයි අප විශ්වාස කරනවා’.

    මේ සම්බන්ධව අදහස් දක්වන සොෆ්ට්ලොජික් ලයිෆ් හී විධායක අධ්යක්ෂ චුලා හෙට්ටිආරච්චි මහතා,”නිරන්තරයෙන් වෙනස්වන තරඟකාරී වෙළඳ ව්යුහය තුළ ගෞවරවයට පාත්ර වීමට නම් අප අපගේ අලෙවි හා සේවා බලකාය දැනුම හා කුසලතා තුලින් බලගැන්විය යුතු අතර ඒ සඳහා ආයතනය නිරන්තරයෙන් කැපවී සිටින බව” ප්රකාශ කරයිි. ආයතනයේ වර්ධනය රඳා පවතිනුයේ අපගේ මානව සම්පතේ සංවර්ධනය මත වන අතර සේවක මණ්ඩලය සැමවිටම තෘප්තියෙන් තබමින් ඔවුන්ගේ පූර්ණ හැකියාවන් වර්ධනය කරගැනීමට නිරන්තරයෙන් උත්සාහ ගනිමින් සිටින බව ද එතුමා තවදුරටත් පැවසීය,

    සොෆ්ට්ලොජික් ලයිෆ් සැමවිටම තම සේවක මණ්ඩලය ඔවුන්ගේ ව්යාපාරික පදනම ලෙස සලකනු ලබයි. මේ වන විට 3200 කට අධික සමස්ත සේවක සංඛ්යාවක් සොෆ්ට්ලොජික් හී සේවය කරනු ලබන අතර විශේෂ වූ පුහුණු අවස්ථා ඔවුනට ලබාදෙමින් අදාළ වූ ක්ෂේත්රයන්ගේ වෘත්තීය පුහුණුව ලබා ගැනීම සඳහා ආයතනය සැමවිටම ඔවුන්ව දිරිමත් කරනු ලබයි. මේ සඳහා මූල්ය පහසුකම් සැපයීම සඳහා විශේෂ වැඩසටහන්ද ආයතනය විසින් ක්රියාත්මක කරනු ලබයි. එසේම කුසලතා කළමනාකරණය, බඳවා ගැනීම, ප්රතිලාභ ලබාදීම , නිපුණතා සංවර්ධනය සහ සේවක සමානාත්මතාව වැනි කරුණු සම්බන්ධයෙන් ආයතනය සැමවිටම ස්ථිරසාර ප්රතිපත්තීන් අනුගමනය කරනු ලබයි.