• Ada Derana BIZ Sinhala
  • Asia Trusted Life Agents and Advisers
  • Softlogic
  • SoftlogicLifeInsurance
  • sri lanaka

සොෆ්ට්ලොජික් ලයිෆ් 2022 Asia Trusted Life Insurance Agents සම්මාන උළෙලේ ‘වසරේ රක්ෂණ නියෝජිතයා’ සම්මානය කාණ්ඩයේ අවසන් තරගකරුවන් 5ට තරගකරුවෙකු බිහි කරයි

June, 7, 2022

ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් හි ප‍්‍රාදේශීය රක්ෂණ කළමනාකරුවෙකු වන සජීව පුෂ්පිත මහතා හත්වන Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙලේ ‘වසරේ රක්ෂණ නියෝජිතයා’ සම්මානය සඳහා අවසන් තරගකරුවන් පස්දෙනා අතරට අඛණ්ඩව දෙවන වරටත් නිර්දේශ වී ඇත. එක් එක් රක්ෂණ නියෝජිතයෙකු රක්ෂණ නියෝජිතයකු විසින් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයට දක්වන දායකත්වය සැළකිල්ලට ගනිමින්, ආසියාවේ වෙළෙඳපොළ 12ක් සහ විවිධ සමාගම් 33කින් ඉතා විමසිලිමත්ව තෝරා ගනු ලැබූ සුපිරි අවසන් තරගකරුවන් 65 දෙනකුගෙන් යුත් ලැයිස්තුවකට සජීව අයත් වන අතර මෙම කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම නියෝජනය සජීව වීම විශේෂ කරුණකි.

Asia Trusted Life Agents and Advisers සම්මාන උළෙල යනු ස්වාධීන විගණන විනිශ්චය ක‍්‍රියාවලියක් තුළින් මූල්‍ය උපදේශනයේ විශිෂ්ටතම දේවල් ඇගයීමට ලක් කරන කලාපයේ කීර්තිමත්ම සම්මාන උළෙලයි. මෙම වැඩසටහන Asian Insurance Review සහ Asia Advisors Network සම සංවිධායකයකු ලෙස LIMRA සමග සංවිධානය කරනු ලබන අතර එයට ක්ෂේත‍්‍රයේ සිටින ප‍්‍රමුඛ ජීවිත රක්ෂණ සමාගම්වල හා සංවිධානවල ශක්තිමත් සහයෝගය ලැබේ. මෙම වසරේ විනිසුරු මඩුල්ල නිලධාරීන් 26 දෙනෙකුගෙන් යුතු වන අතර ප‍්‍රධාන විධායක නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ විධායකයින්, රක්ෂණ ක්ෂේත‍්‍රයේ නායකයින් සහ ප‍්‍රවීණයන් ආදී ගෞරවනීය පුද්ගලයින්ගෙන් එය සමන්විත වේ. මෙම සම්මාන ඉතා ඉහළ වටිනාකමක් ඇති ජයග‍්‍රහණ වන අතර එය ඉතාමත්ම තරඟකාරී ආසියානු රක්ෂණ ක්ෂේත‍්‍රයේ තම හැකියාවන්, සුදුසුකම් පෙන්විය හැකි ඉහළ අනන්‍යතාවයන් ලෙස සැළකේ. මෙම සම්මාන උළෙල 2022 ජූලි 26 වන දින online මාධ්‍යයන් ඔස්සේ පැවැත්වීමට නියමිතය.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් කළමනාකාර අධ්‍යක්ෂ ඉෆ්තිකාර් අහමඞ් මහතා පැවසුවේ ”මෙම ගෞරවනීය සම්මාන උළෙලේදී සජීව ඇගයීමට ලක් වීම සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගම තුළ මුල් බැසගත් සුවිශේෂී සේවා සංස්කෘතිය පිළිබිඹු කරන්නක්. මෙවැනි සුවිශේෂී අභියෝගාත්මක වසරවලදී පවා සජීව ඔහුගේ සේවාදායකයින් වෙනුවෙන් ඔහුගේ වටිනා කාලය හා ශ‍්‍රමය වැය කරමින් ඒ ගැන ඉතා සැලකිලිමත් වෙමින් වසර ගණනාවක් තිස්සේ සිදු කළ දැඩි කැපවීම සහ ධෛර්යය ද එයින් නිසැකව ම පිළිඹිබු කරනවා. අපගේ සාමාජිකයින්ගේ ජයග‍්‍රහණවලට ඔවුන්ව ඇගයීම අතිශයින් වැදගත් වන අතරම ඔවුන්ගේ වෘත්තීයමය සංවර්ධනය සහ පරිපූර්ණ සුබසාධනය සඳහා ආයෝජනය කිරීම ද වැදගත් බව මෙයින් පෙන්නුම් කරනවා. ජූලි මාසයේදී පැවැත්වීමට නියමිත සම්මාන උළෙලේදී වසරේ හොඳම රක්ෂණ නියෝජිතයා ලෙස කිරුළු පලදමින්, සොෆ්ට්ලොජික් ලයිෆ් සමාගමට මෙන්ම සමස්ථ ශ්‍රී ලංකාවටම කීර්තියක් ගෙන ඒමට සජීවට හැකි වේ යැයි අපට සුවිශාල විශ්වාසයක් තිබෙනවා” යනුවෙනි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ලයිෆ් නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිළධාරී ඉන්දු ආටිගල මහතා පැවසුවේ ‘‘මේ සුවිශේෂී සන්ධිස්ථානය කරා පැමිණීම ගැන මා සජීවට සුබ පතනවා. මෙය ඔහුගේ රක්ෂණ සේවාදායකයින්ට අඛණ්ඩ සේවාවක් ලබා දීම සහ වෘත්තීයමය කුසලතා උදෙසා ඉහළම ප‍්‍රමිතීන් අනුගමනය කිරීම සඳහා ඔහුගේ කැපවීමේ ප‍්‍රතිඵලයක් ලෙස පෙන්වා දිය හැකියි. මෙම කැපී පෙනෙන ජයග‍්‍රහණය සොෆ්ට්ලොජික් ලයිෆ් හි ගුණාත්මකභාවයෙන් සපිරි සේවා සංස්කෘතිය පිළිබඳව පැහැදිලි සාක්ෂියක් ලබා දෙන අතර සෑම සේවකයෙකුගේම යහපැවැත්ම සහ දියුණුව සහතික කිරීම සඳහා එහි ඇති වැදගත්කම මනාව පෙන්නුම් කරනවා. විශිෂ්ට පාරිභෝගික සේවාවක් සහතික කිරීම සඳහා අපගේ උපදේශකයින් සෑම විටම රාජකාරියෙන් ඔබ්බට තම සේවාදායකයින්ට උපරිම සේවාවක් ලබාදෙන්නේ ඒ නිසයි.’’ යනුවෙනි.

තම වෘත්තියේ වසර 19කට වැඩි කාලයක් අපමණ කැපවීමකින්, දැඩි ආශාවකින් හා උනන්දුවකින් කටයුතු කර ඇති සජීව මහතා මෙම සම්මාන උළෙලේ ප‍්‍රධානතම සම්මානය වන ”වසරේ රක්ෂණ නියෝජිතයා” කාණ්ඩය සඳහා නිර්දේශ වූ එකම ශ‍්‍රී ලාංකිකයා වේ. සජීව මහතා ක‍්‍රියාකාරී MDRT සාමාජිකයෙකු වන අතර අඛණ්ඩව වසර පහක් TOT (Top of The Table) MDRT සාමාජිකත්වය හිමි කරගෙන තිබෙන මෙම සම්මානය සඳහා අවසන් වටයට නිර්දේශ වූ එකම තරඟකරුවා ද ඔහු වෙයි. තවද ගෞරවනීය MDRT COT සාමාජිකත්වය තුන් වරක් සහ IQA ප්ලැටිනම් සම්මාන අටක් සමඟින් MDRT Life සාමාජිකත්වය ද ඔහු ලබා ඇත. සජීවගේ ජයග‍්‍රහණ ගොන්නට සොෆ්ට්ලොජික් ලයිෆ් හි වාර්ෂික සම්මාන උළෙලේදී ලබා ගත් ඉහළම පිළිගැනීම් රාශිය මෙන්ම අඛණ්ඩව වසර අටක් LIMRA වෙතින් International Quality සම්මානය ලබා ගැනීම ද ඇතුළත් වේ.

නවෝත්පාදනය්, සමාන අවස්ථා, කාර්ය සාධනය පදනම් කරගත් අධිෂ්ඨානය හා වඩාත් වැදගත්ම කරුණක් වන පාරිභෝගික අවශ්‍යතාවන්ට මුල් තැන දීම යන සංකල්ප සහ සමාගමක වටිනාම වත්කම කාර්ය මණ්ඩලය වන අතර ඔවුන් සමාගමේ දිගුකාලීන ව්‍යාපාර සාර්ථකත්වයේ කේන්ද්‍රය වේ යන විශ්වාසය ආදී ගුණාංග මත සොෆ්ට්ලොජික් ලයිෆ් හි ශක්තිමත් සමාගම් සංස්කෘතිය නිර්මාණය වී ඇත. කුසලතා කළමනාකරණය, බඳවා ගැනීම, තෝරා ගැනීම, වැටුප් ගෙවීම පුහුණුව හා කුසලතා සංවර්ධනය යන ක්රියාවලීන් සඳහා ශක්තිමත් ප‍්‍රතිපත්ති සහ මාර්ගෝපදේශ තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ ක්ෂේත‍්‍රයේ කුසලතා ආකර්ෂණය කර ගැනීමට, සංවර්ධනය කිරීම සහ රඳවා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කරයි.