සෝයා බෝංචි වගාව සහ සෝයා ආශ්‍රිත ආහාර නිෂ්පාදනය ප්‍රවර්ධනය වෙනුවෙන් ආනයන බදු සහන ලබා දීම සඳහා ඉදිරිපත් වූ යෝජනාවක් සැලකිල්ලට ගෙන, අමාත්‍ය මණ්ඩලයේ ඉල්ලීම පරිදි, ඒ පිළිබඳ අදාළ සියලු පාර්ශව සමග සාකච්ඡා කර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව පහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කෙරෙනු ඇත.
- සෝයා බෝංචි ඇට ආනයනයේ දී දැනට පවතින බදු ව්‍යූහය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාම.
- අගය එකතු කළ සෝයා බෝංචි නිෂ්පාදන සඳහා අවශ්‍ය සෝයා බෝංචි ආනයනය කිරීමේ දී හෝ වගා කිරීම සඳහා සෝයා බෝංචි බීජ ආනයනය කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය මත පදනම්ව ආනයනික රේගු බදු නිදහස් කිරීම.
- සත්ත්ව ආහාර සපයන්නන් විසින් ආනයනය කරනු ලබන සෝයා පුන්නක්කු සඳහා දැනට පවතින බදු නිදහස් කිරීම් එලෙසම පවත්වාගෙන යාම.
- ඉහත පරිදි කටයුතු කිරීම මගින් සෝයා බෝංචි ආශ්‍රිත අගය එකතු කිරීමේ නිෂ්පාදකයන්ට හා සත්ත්ව ආහාර නිෂ්පාදකයින්ට සම තත්ත්වයක් ඇති කරදීම හා සෝයා වගාකරුවන්ට ද අවශ්‍ය සහන සලසා දීම.