හච් – BOI ගිවිසුමෙන් ඇ.ඩො. මිලියන 115 ක ආයෝජනයක්

    February, 20, 2019

    ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හචිසන් ටෙලිකමියුනිකේෂන්ස් ලංකා සමාගම සමග පෙබරවාරි මස 11 වනදා කොළඹ ආයෝජන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පරිපූරක ගිවිසුමකට එළඹියේය.

     

    හචිසන් ටෙලිකමියුනිකේෂන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා අතර මෙම ගිවිසුමට අත්සන් තැබූහ.

     

    හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා සමාගම දශක දෙකකට අධික කාලයක පටන් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන අතර එය ෆෝචූන් 500 සමාගමක් වන හොං කොං හි C K හචිසන් සමාගමේ අනු සමාගමකි.

     

    වමේ සිට දකුණට: හච් සමාගමේ නීති අංශයේ ප්‍රධානී ශාමිනී ජයසූරිය, එම සමාගමේ ප්‍රධාන මුල්‍ය නිලධාරී ලලිත් ප්‍රනාන්දු, එම සමාගමේ මුල්‍ය සහ මෙහෙයුම් උපදේශක බන්ධුනාත් ද අල්විස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා, ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා මලල්ගොඩ සහ ආයෝජන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාමා හේරත් යන මහත්ම මහත්මීහු මෙම ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට සහභාගී වූහ.