July, 31, 2017
2017 ජූනි 30 දින වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,953.60 ක නිල සංචිත වත්කම් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව සතු බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
මෙය ඩොලර් මිලියන 5,995.75 ක විදේශ මුදල් සංචිතයකින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වෙන්කරන ලද ඩොලර් මිලියන 66.59 කින්, මහ බැංකුව සතු මෙරට බැංකුවල ඩොලර් මිලියන 0.20 කව්යවස්ථාපිත සංචිතයකින්, ඩොලර් මිලියන 890.03 ක රන් සංචිතයකින් සහ ඩොලර් මිලියන 1 ක වෙනත් සංචිත වත්කම්වලින් සමන්විත වේ.
මේ අතර පසුගිය සතිඅන්තයේ දී අත්සන් තබන ලද හම්බන්තොට වරාය ගිවිසුම ප්‍රකාරව ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 1,120 ක් වන අතර ඒ අනුව විදේශ මුදල් සංචිතය ඩොලර් මිලියන 8,000 ඉක්මවනු ඇත.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ එක්ජසත් ජනපද ඩොලර් මිලියන 167.2 ක තෙවන ණය වාරිකය මුදා හැරීම පසුගිය ජූලි 19 දින මුදාහැරීමට නියමිතව තිබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙර වාර්තා කර තිබුණි. එය ගෙවුම් තුලනය ශක්තිමත් කිරීම සහ රජයේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනට සහාය වීම සඳහා ලබා දුන්නකි.
පහත දැක්වෙන්නේ 2017 ජූනි 30 දින වන විට ශ්‍රී ලංකාව සතුව පැවති නිල සංචිත වත්කම් පිළිබඳ සටහනකි.

Video Story