හම්බන්තොට ලංකා ලුණු සමාගම කෝටි 99ක ලාභයක් ලබයි

    January, 1, 2017

    හම්බන්තොට ලංකා ලුණු සමාගම පසුගිය වසර දෙක තුළ රුපියල් කෝටි 99ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව එහි සභාපති අයුබ් ඛාන් මහතා පැවසීය.

    රජයේ ප්‍ර‍වෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පෙන්වා දුන් අතර රුපියල් මිලියන 330 අලාභයක් ලබමින් තිබුණු මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි වූ බව සඳහන් කළේය.

    නව අලෙවි නියෝජිත සංඛ්‍යාව 60ක් වැනි ප්‍ර‍මාණයක් වැඩි කිරීම, සේවක ගැටලු විසඳීම, මනා සැලැස්මක් ඇති සියලු කටයුතු සිදු කිරීම යනාදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් මෙවැනි ඉහළ ප්‍ර‍ගතියක් ලබා ගැනීමට හැකි වූ බව සභාපතිවරයා පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍ර‍කාශ කළේ සේවක පිරිසගේ මනා කැප වීම ද ඒ සඳහා මහඟු පිටුබලයක් වූ බවයි.