හම්බන්තොට වරාය ගනුදෙනුවෙන් මේ වසරේ දී ඩොලර් මිලියන 400 ක්

    March, 24, 2017

    හම්බන්තොට වරාය ගනුදෙනුව මෙරට ආර්ථිකයට විශාල ධනාත්මක බලපෑමක් ඉටුකරනු ලබන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. අද (24) පැවති මාධ්‍ය හමුවක දී අධිපතිවරයා මේ බව අනාවරණය කර සිටි අතර එහිදී වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “මේ ගනුදෙනුව නිසා අපේ විදෙස් සංචිත හොඳ මට්ටමකට පැමිණෙනවා. ඒ සල්ලි අවේ නැත්නම් මේ අවුරුද්දේ මෙරට ජනතාවට විශාල ගැටළුවලට මුහුණ පාන්න සිදුවේවි.“

    “මේ ගිවිසුම අත්සන් කරන කොට ආරම්භයේ දී ඩොලර් මිලියන 100 ක් එනවා. ඊට මාස 03 කට පසු තව ඩොලර් මිලියන 300 ක් එනවා. ඉන් මාස 06කට පසු ඉතිරි ඩොලර් මිලියන 700 එනවා. කොහොම හරි ඩොලර් මිලියන 400 ක් මේ අවුරුද්දේ නිසැකවම එනවා.“