හම්බන්තොට වරාය ගිවිසුමට කැබිනට් අනුමැතිය

    July, 25, 2017

    හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ චයිනා මර්චන්ට්ස් පෝර්ට්ස් හෝල්ඩිංග්ස් සමාගම අතර අත්සන් කිරීමට යෝජිත සහයෝගීතා ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

     

    මෙම ගිවිසුමට අනුව හම්බන්තොට වරාය, රාජ්‍ය-පෞද්ගලික කොටස් හිමිකාරීත්වයක් යටතේ ක්‍රියාත්මක වනු ලබන අතර රජයේ කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවේ. පෞද්ගලික කොටස් හිමිකාරීත්වය චයිනා මර්චන්ට්ස් පෝර්ට්ස් හෝල්ඩිංග්ස් සමාගම වෙත පැවරෙනු ඇත.

     

    අදාළ ගිවිසුම ප්‍රකාරව ඇමරිකානු ඩොලර් බිලියන 1.4 ක් ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.