හම්බන්තොට වරාය චීනයට පැවරීමේ ඩොලර් මිලියන 584 ක අවසාන වාරිකය ලැබෙයි

    June, 21, 2018

    හම්බන්තොට වරාය ආයෝජනයේ අවසන් අදියර සඳහා වූ ආයෝජන වටිනාකම, චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත ලබා දෙන ලදී. හම්බන්තොට වරාය සඳහා වූ මෙම ආයෝජනය ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙසින්  සැලකේ.

    හම්බන්තොට වරායේ පළමු ආයෝජන කොටසේ අවසන් වාරිකය වන එය ඇමරිකානු ඩොලර් මිලියන 584.19 කි. ආසන්න වශයෙන් මෙය රුපියල් බිලියන 93 කි.

    මේ සඳහා වූ චෙක්පත, චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත රේ රෙන් මහතා විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා වෙක ඊයේ (20)ලබා දෙන ලදී. මෙම අවස්ථාවට වරාය අධිකාරියේ සහා චයිනා මර්චන්ට් පෝර්ට් සමූහයේ උසස් නිලධාරීහූ එක්වූහ.