හම්බන්තොට වරාය පැවරීමේ මුදල් ආණ්ඩුවේ ඩොලර් ගිණුමට එයි

    December, 26, 2017

    ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ සීමාසහිත චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග්ස් සමාගම අතර හම්බන්තොට වරාය මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් ඇති කර ගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී ලංකා රජය වෙත ලැබිය යුතු වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 292.1 ක මුදල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන එක්සත් ජනපද ඩොලර් ගිණුම වෙත බැර වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.