• Ada Derana BIZ Sinhala
  • sri lanaka
  • Velvet

හයිඩ්‍රබූස්ට් තාක්‍ෂණය මුසු වූ වෙල්වට් බොඩි වොෂ් නව ප්‍ර​භේද තුනකින් නැවතත් වෙළෙඳපොලේ

July, 11, 2022

සමට හිතකර විසඳුම් තෝරාගැනීමේදී, මොයිස්චරයිසින් ගුණයෙන් යුතු නිෂ්පාදන තෝරා ගැනීම ඉතා වැදගත් වේ. මොයිස්චරයිස් යනු සම නිරෝගීව තබා ගැනීමට මෙන්ම  සමේ තරුණ බව ආරක්ෂා කිරීමටද උපකාරී වන ප්‍ර​ධාන සාධකයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි රටක පවතින උණුසුම් හා තෙතමනය සහිත දේශගුණය සැලකිල්ලට ගනිමින් මොයිස්චරයිසින් ගුණ සහිත සමට හිතකර නිෂ්පාදනවලට යොමු වීම ඉතා වැදගත් වේ. නිෂ්පාදනවල ගුණාත්මකභාවය, නිෂ්පාදන සඳහා භාවිත කරන අමුද්‍රව්‍ය සහ එම නිෂ්පාදන මගින් ලැබෙන ප්‍රතිලාභ  පිළිබඳව  වර්තමාන කාන්තාවන් හට මනා දැනුමක් පවතී.  එම නිසා බොහෝ කාන්තාවන් මෘදු සහ සෞඛ්‍ය සම්පන්න සමක් ලබා ගැනීමට උපකාරී වන ,සමට හිතකර  නිෂ්පාදන තෝරා ගැනීමට නිරන්තරයෙන් කටයුතු කරති.

සමේ තෙතමනය සහ මොයිස්චරයිසින් ගුණය වැඩි දියුණු කිරීමේ අරමුණින් නව වෙල්වට් බොඩි වොෂ් ප්‍රභේද සඳහා හයිඩ්‍රබූස්ට් තාක්‍ෂණය  යොදා ගෙන තිබීම විශේෂත්වයකි. වෙල්වට් බොඩි වොෂ් පරාසය තුල ඇති මොයිස්චරයිසින් ගුණය මගින්, සම මෘදු  කරන අතරම සමේ වියළි බව සහ අඳුරු බවද  අවම කරයි. Black Orchid සහ Hibiscus, Wild Rose සහ Cherry Blossom මෙන්ම Vanilla සහ   Shea Butter යන  ප්‍රභේද ත්‍රිත්වයකින් වෙල්වට් බොඩි වොෂ්  සමන්විත වේ. මෙම dual ingredients මගින් සම ආරක්ෂා කරන අතර දිගු කල් පවතින සුවඳක් ද, දවස පුරා නැවුම්ව සිටීමට ද කාන්තාවන්ට මෙය​ උපකාරී වේ.

වෙල්වට් බොඩි වොෂ් නිපදවා ඇත්තේ හොඳම සෞඛ්‍ය සහ ආරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූලව වන බව සායනිකව ඔප්පු කර ඇත. එමනිසා, වෙල්වට් බොඩි වොෂ් නිෂ්පාදනය  දිනකට කිහිප වතාවක් භාවිතා කිරීමට ආරක්ෂිත ලෙස නිර්දේශ කර ඇති අතර බොඩි වොෂ් දියරයේ ඝණකම නිසා, තනි බෝතලයකින් වැඩිපුර සේදුම් වාර ප්‍රමාණයක් සහතික කරයි. සබන්, අත් සේදීමේ දියර, බොඩි ලෝෂන් සහ බොඩි වොෂ් යන නිෂ්පාදන පරාසයකින් ශක්තිමත් වී ඇති වෙල්වට්, ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ සම ආරක්ෂණ   අවශ්‍යතා සපුරාලීමේ පොහොසත් ඉතිහාසයකින් සමන්විත වේ. වෙල්වට් නිෂ්පාදන හයිඩ්‍රසොෆ්ට් තාක්‍ෂණයෙන් නිපදවා ඇති අතර එමඟින් මෘදු හා හොඳින් සජලීකරණය වූ සමක් ලබා දෙනු ඇත. ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සමෙහි රැකවරණ අවශ්‍යතා පිළිබඳව අවබෝධයෙන් සිටින සැබෑ ශ්‍රී ලාංකේය සන්නාමයක් ලෙස වෙල්වට්, හඳුන්වා දිය හැක.

ශ්‍රී ලාංකේය සමට ගැළපෙන පරිදි නිෂ්පාදනය  කරන ලද Velvet නිෂ්පාදන ඉහළ මොයිස්චරයිසින් ගුණයකින් යුතු වන අතර සමට හිතකර බව සයනිකව ද තහවුරු කර ඇත. එමෙන්ම Velvet නිෂ්පාදනයන් NMRA, GMP, ISO සහ IFRA යන තත්ත්ව සහතික ලත් සන්නාමයක් වශයෙන් එහි නිෂ්පාදන සඳහා භාවිතා කරන මෘදු සුවඳ විලවුන් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.