හයිබ්‍රීඩ් වාහන බද්ද ගැන අග්‍රාමාත්‍යවරයාගේ අවධානය

    February, 10, 2015

    පසුගිය ජනවාරි 29 වනදාට කලින් ණයවර ලිපි (Letter of Credits) විවෘත කර තිබෙන හයිබ්‍රීඩ් වාහන වෙනුවෙන් අතුරු අයවැය මගින් වැඩිකළ බදු ඒ ආකාරයෙන්ම අය නොකරන්නැයි ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග අනිද්දාට (12) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ ප්‍රකාශකයෙකු අප සමග පැවසීය.

    “අපි ඉල්ලා සිටින්නේ ජනවාරි 29 වනදාට කලින් අපි ණයවර ලිපි විවෘත කරපු හයිබ්‍රීඩ් වාහන වෙනුවෙන් පුද්ගලිකව වාහනයක් ගෙන්වන අයට ලබාදීපු සහනයම දෙන්න කියලයි. නැත්නම් මෙම බදු වැඩිකිරීම අපිට දරාගන්න අමාරුයි“. යනුවෙන් හෙතෙම කීය.

    නව රජයේ අතුරු අයවැය මගින් හයිබ්‍රීඩ් වාහන වෙනුවෙන් බදු වැඩිකළ අතර ඒ තුළින් රුපියල් බිලියන 07 ක ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කර තිබේ.