July, 31, 2020
ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා සම්පත් බැංකුවේ විධායක නොවන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් පත් කර තිබේ. 2020 අගෝස්තු 18 දින සිට මෙම පත්වීම බලපැවැත්වෙනු ඇත.
කීර්තිමත් නීති වෘත්තිකයෙකු වන හර්ෂ අමරසේකර මහතා වාණිජ නීතිය, ව්‍යාපාර නීතිය, ආරක්ෂණ නීතිය, බැංකු නීතිය හා බුද්ධිමය දේපළ නීතිය යන ක්ෂේත්‍රයන් හි හසළ අත්දැකීම් ඇත්තෙකි.
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් කිහිපයක් වන CIC හෝල්ඩිංග්ස් (සභාපති), ස්විස්ටෙක් සිලෝන් (සභාපති), වැලිබල් පවර් එරත්න (උප සභාපති), වැලිබල් වන්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස්, රෝයල් සෙරමික්ස්, ඇම්බියන් කැපිටල්, අමායා ලෙෂර් ඇතළු සමාගම් ගණනාවකම අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස හර්ෂ අමරසේකර මහතා කටයුතු කරනු ඇත.
Video Story