November, 21, 2017
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්යමය පදනම මත 2017 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 8.6 ට සාපේක්ෂව 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 8.8 ක් දක්වා ඉහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනුලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වෙනස 2017 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 6.8 හි සිට 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 7.1 දක්වා ඉහළ ගියේය.
මාසික වෙනස්වීම සැලකූ විට ජාතික පාරිභෝගික මිල දර්ශකය 2017 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ දර්ශක අංක 123.3 හි සිට 2017 ඔක්තෝබර් මාසයේ දී දර්ශක අංක 124.8 දක්වා ඉහළ ගියේය.
සැපයුම් අංශයෙහි අහිතකර ප්රවණතා හේතුවෙන් ආහාර කාණ්ඩයට අයත් අයිතමයන් හි මිල ගණන් ඉහළ යෑම, මෙම මාසික ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු විය. පොල් එළවළු සහ සහල්වල මිල ගණන් ඉහළ යෑම ප්රමුඛ විය. කෙසේ නමුත් මාළු සහ බිත්තර මිල ගණන් පහළ ගියේය.
මේ අතර 2017 සැප්තැම්බර් මාසයේ දී එල් පී ගෑස් මිල ගණන් සඳහා හඳුන්වා දුන් සංශෝධනවල බලපෑමද දක්නට ලැබුණි. තවද මාසය තුළදී ආපනශාලා සහ හෝටල් උපකාණ්ඩයෙහි මිල ගණන් ද ඉහළ යෑමක් වාර්තා කරන ලදී.
ආර්ථිකයෙහි යටිදැරි උද්ධමනය නිරූපණය කරන ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මූලික උද්ධමනය, වසරේ මුල් මාසවල සිට පෙන්නුම් කළ ආකාරයට තව දුරටත් පහළ යෑමේ නැඹුරුවක් අනුගමනය කළේය.
ඒ අනුව ලක්ෂ්යමය පදනම මත 2017 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.6 හි සිට 2017 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.1 දක්වා පහළ ගියේය.
වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2017 සැප්තැම්බර් මාසයේ දී වාර්තා වූ සියයට 5.7 හි සිට 2.17 ඔක්තෝබර් මාසයේ දී සියයට 5.6 දක්වා පහළ ගියේය.
Video Story