April, 17, 2020
ශ්‍රී ලංකාවේ විශලතම හා වඩාත් නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිදුකෙරෙන සටහනට සිය දායකත්වය ද එක් කරමින් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH රෝහල) සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඞ් මගින් ක්‍රියාත්මක වන ගිනි නිවීමේ උපකරණ කට්ටල තොගයක් පසුගියදා පසුගියදා පරිත්‍යාග කළේය”
මෙම අවස්ථාව සඳහා හැටන් නැෂනල් බැංකුවේ සභාපති දිනේශ් වීරක්කොඩි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඩිල්ශාන් රොඞ්රිගෝ සහ චිරන්ති කුරේ (Chief transformation officer ) යන මහත්ම මහත්මීන් සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්යක්ෂ වෛද්‍ය හසිත දිසානායක ඇතුළු එම රෝහල් කාර්ය මණ්ඩලය එක් වූහ”
HNB විසින් පරිත්‍යාග කල ගිනි නිවීමේ උපකරණ කට්ටලයන් 34ක් ජලයෙන් ක්‍රියාත්මක වන අතර සෙසු උපකරණ කාබන්ඩයොක්සයිඞ් වායුව අඩංගු ගිනි නිවීමේ උපකරණයන් වූ අතර පරිත්‍යාග කළ මුලූ උපකරණ සංඛ්‍යාව 68ක් විය”
මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ HNB සභාපති දිනේශ් වීරක්කොඩි මහතා‘‘ මෙම ගෝලීය අපදා තත්වය හමුවේ රටක් ලෙස එක්වීම තුළ මෙම ව්‍යවසනයට සාර්ථකව මුහුණ දෙන්න අපට පුලූවන්” එම අදහස පෙරදැරිව රටක් ලෙස කොඩිඞ් 19 වෛරසය පිටුදැකීමේ සටනට HNB එක් වෙමින් මෙම පරිත්‍යාගය සිදු කිරීමට ලැබීම සැබවින්ම භාග්‍යයක් කොට සලකනවා” මෙම අඛණ්ඩ මෙහෙයුම තුළ IDH රෝහල විසින් සිදු කරන දැවැන්ත කාර්යභාරයට අපගේ ප්‍රණාමය පිරිනමන අතර ඔවුන් සවිබල ගැන්වීම සඳහා මූල්‍ය ආයතනයක් ලෙස අපට ලබා දිය හැකි දායකත්වය අඛණ්ඩව ලබා දීමටත් අපි අපේක්ෂා කරනවා’’ යනුවෙන් පැවසීය”