හැරී ගේ මීළඟ ඉලක්කය

    August, 21, 2018

    සෞඛ්‍ය සේවා කර්මාන්තය වෙත යොමු වීමට තීරණය කර ඇති බව මෙල්ස්ටාකෝප් පීඑල්සී නිවේදනය කර සිටී. ආරෝග්‍යශාලා කළමනාකරණය, රෝග විනිශ්චය මධ්‍යස්ථාන හා සෞඛ්‍ය ආශ්‍රිත වෙනත් සේවා සඳහා යොමුවීම මේ අනුව සිදුවේ. එහිදී මූලාරම්භයක් ලෙසින් තෝරා ගත් ආරෝග්‍යශාලා කළමනාකරණයට හා රෝග විනිශ්චය යටිතල පහසුකම් සම්පාදනයට පියවර ගැනේ.

    මේ සම්බන්ධයෙක් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් මෙල්ස්ටාකෝප් පීඑල්සී කියා සිටින්නේ, Melsta Health (Pvt) Ltd නමින් නව සමූහ සමාගමක් මේ වෙනුවෙන් සංස්ථාපනය කරනු ලබන බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම් දෙන ලබන බව මෙල්ස්ටාකෝප් පීඑල්සී තවදුරටත් කියා සිටී.

    Melstacorp PLC හි පාලක කොටස් හිමිකාරීත්වය දරනු ලබන්නේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යපාරිකයෙකු වන හැරී ජයවර්ධන මහතා ය.