හැරී ජයවර්ධන ජෝන් කීල්ස් බලය වැඩි කර ගනී. මාස 03 කදී කොටස් මිලියන 11.8 ක් අරන්

    June, 5, 2019

    ප්‍රකෝටිපති ව්‍යාපාරික හැරී ජයර්ධන මහතා සභාපතිත්වය දරන මෙල්ස්ටොකෝප් පීඑල්සී, මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වය මේ වන වට සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 9.8% ක් දක්වා වැඩි කර ගෙන තිබේ.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නවතම මූල්‍ය වාර්තාවලට අනුව 2019 මාර්තු 31 දින වන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී සතුව තිබෙන ජෝන් කීල්ස් කොටස් ප්‍රමාණය 128,572,406 කි. මෙය සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් 9.8% ක් ලෙසින් සටහන්ව තිබේ.

    2018 දෙසැම්බර් 31 වන විට මෙල්ස්ටාකෝප් පීඑල්සී සතුව පැවති ජෝන් කීල්ස් කොටස් ප්‍රමාණය 116,776,852 ක්වූ අතර එය 8.4% ක අගයයකි. මේ අනුව 2019 මාර්තු 31 න් අවසන් කාර්තුව තුළ දී හැරී ජයවර්ධන මහතා පාලක කොටස් අයිතිය දරන මෙල්ස්ටාකෝප් පීඑල්සී විසින් මිල දී ගෙන ඇති නව ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් ප්‍රමාණය 11,795,554 කි.

    මෙල්ස්ටාකෝප් පීඑල්සී, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් කොටස් හිමිකරුවන්ගේ ලැයිස්තුවේ තුන්වැනි තැන පසුවේ. මෙම ලැයිස්තුවේ පළමු තැන මෙරට තවත් දැවැන්ත ආයෝජක චරිතයක් වන සෝලි කැප්ටන් මහතා සතුවන අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් 152,991,389 ක් හෙවත් 11.6% ක් ඔහු සතුව පවතී. එසේම ඔහුගේ පුතණුවන් වන රූසි කැප්ටන් මහතා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී කොටස්කරුවන්ගේ ලැයිස්තුවේ 8 වැනි ස්ථානයේ සිටින පුද්ගලයා වේ. ඔහු සතුව ඇති කොටස් ප්‍රමාණය 26,950,930 ක් හෙවත් මුළු කොටස් ප්‍රමාණයෙන් 2% ක් නියෝජනය කරනු ලබයි.

    ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි දෙවැනියට විශාලතම කොටස් හිමියා වන්නේ මැලේසියානු රාජ්‍ය ආයෝජන හස්තයක් වන Broga Hill Investment Ltd අරමුදලයි. ඔවුන් සතුව තිබෙන ජෝන් කීල්ස් කොටස් අයිතිය 10.8% කි.

    පහත දැක්වෙන්නේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි විශාලතම කොටස්කරුවන් 20 දෙනාගේ ලැයිස්තුවයි.