හිටපු ජනාධිපතිට අවශ්‍යනම් අගමැති අපේක්ෂකයා විය හැකියැයි ඇමති රාජිත කියයි

    February, 20, 2015

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අගමැති අපේක්ෂකයා වීමේ අවශ්‍යතාවයක් ඇත්නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කොට එම අවස්ථාව ලබාගැනීමට හැකියාව ඇතැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීය.

    කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ඊයේ මේ බව පැවසීය.

    අගමැති අපේක්ෂකයා වීමට මහින්ද රාජපක්ෂ මහතා රැළි පැවැත්වීමේ අවශ්‍යතාවයක් නැතැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙක් වශයෙන් මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බැවින් ඒ මහතා මේ වන විටත් ක්‍රියාකාරී දේශපාලනයේ නියැලී සිටින බව පෙන්වාදුන් අමාත්‍යවරයා ශ්‍රී.ල.නි.ප. සභාපතිවරයා වන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කොට එළැඹෙන මහ මැතිවරණයේදී අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා වශයෙන් තරග කිරීමට අවස්ථාව ලබාගැනීමට කිසිදු බාධාවක් නොමැති බව මෙහිදී කීය.