හෙට, කොටස් වෙළෙඳපොළ විවෘතයි – ගනුදෙනු පැය 2කට සීමා වෙයි

    June, 3, 2020

    රජයේ නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ කර ඇති  හා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇති හෙට (2020 ජූනි 04, බ්‍රහස්පතින්දා) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා පැය 2ක කාලයකට විවෘතව තැබීමට තීරණය කර ඇති බව එහි ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන නිවේදනය කර සිටී.

    මේ අනුව හෙට දිනයේ දී පෙරවරු 11.00 සිට පස්වරු 1.00 දක්වා කාලය තුළ පමණක් දෛනික සාමාන්‍ය ගනුදෙනු සඳහා කොටස් වෙළෙඳපොළ විවෘතව පවතිනු ඇත.