හෙට කොටස් වෙළෙඳපොළ 12 ට අවසන්. බැංකුවලටත් වරුවක නිවාඩුවක්

    January, 19, 2017

    හෙට (20) දිනය වෙනුවෙන් විශේෂ දින භාගයක බැංකු නිවාඩුවක් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.

    තයිපොංගල් දින නිවාඩුව සෙනසුරාදා (14) දිනයක යෙදී තිබුණු බැවින් මෙම විශේෂ දින භාගයක බැංකු නිවාඩුව ප්‍රකාශයට පත් කර තිබේ.

    මේ අතර හෙට දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද මධ්‍යහ්න 12 දක්වා පමණක් ක්‍රියාත්මක වනු ඇත.