හේමාස් ණයකර නිකුතුව ඉතිරෙයි

    April, 23, 2014

    හේමාස් හෝල්ඩින්ග්ස් සමාගම විසින් එකක් රුපියල් 100 බැගින් අද නිකුත් කළ මිලියන 05 ක් වන ණයකර නිකුතුවට අධි ඉල්ලුමක් ලැබීම නිසා මෙම නිකුතුව අද සවස 4.30 ට අවසන් කිරීමට තීරණය කර ඇත.

    මෙම නිකුතුව සඳහා රුපියල් බිලියනයක් ඉක්මවන අයදුම්පත් ලැබී ඇතැයි සඳහන්ය.

    ඉල්ලුම් කරුවන්ට ණයකර බෙදාදෙන ආකාරය පසුව දැනුම් දෙනබව සමාගම පවසා තිබේ.