හේමාස් රෝහල් සමූහය කෝවිඞ් 19 සටනට එක්වෙමින් ලොව ප‍්‍රථම බෝවන රෝගීන් රැගෙන යන ගිලන් කුටියක් හඳුන්වාදෙයි

    July, 23, 2020

    ශ‍්‍රී ලාංකේය පුද්ගලික රෝහල් ක්ෂේත‍්‍රය වෙත ජාත්‍යන්තර ප‍්‍රමිතියේ සුවසේවාවක් පළමු වරට හඳුන්වාදෙමින් ඔස්ටේ‍්‍රලියාවේ ACHSI අන්තර්ජාතික ප‍්‍රමිතිකරණය පළමු වරට හිමි කර ගත් හේමාස් රෝහල් සමූහය මුළු ලොවම වෙළාගත් කෝවිඞ් 19 වසංගතයට එරෙහි වූ සිය සටන තවත් තීව‍්‍ර කරමින් ලොව ප‍්‍රථම බෝවන රෝගීන් සුරැකිව සහ පහසුවෙන් රැගෙන යාහැකි කුටියක් (IPTC – infectious patient transportation chamber) පසුගිය මැයි මාසයේදී නිපදවීමට සමත් විය.

    වත්තල හේමාස් රෝහලේ ජ්‍යෙෂ්ඨ කළමණාකාර මෙහෙයුම් චාමින්ද කොඩිකාර මහතාගේ නිර්මාණ අදහසකට හා සැලසුමකට අනුව නිපදවූ මෙම IPTC කුටියේ ප‍්‍රමුඛතම අරමුණ , බෝවන රෝගවලින් රෝහල් කර්යමණඩලය සහ සෙසු රෝගීන් ආරක්ෂා කර ගැනීමයි. මෙම නව නිපැයුම සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට මෙහි නිර්මාණකරු කටයුතු කරමින් සිටී.

    කෝවිඞ් 19 වෛරසයේ ව්‍යාප්තිය සහ එය බෝවීමේ ප‍්‍රවණතාවන් පිළිබඳව සැලකීමේදී මෙම වෛරසය පහසුවෙන් බෝහෝ පිරිසකට වැළඳීම සඳහා අවකාශයක් පවතින බැවින් කෝවිඞ් 19 වැළඳී ඇති බවට සැක කෙරෙන රෝගීන්ට හෝ බෝවන රෝගයක් වැළඳී ඇති රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී රෝහල් කාර්ය මණ්ඩලය සහ සෙසු රෝගීන් ආරක්ෂා කර ගැනීම සඳහා ෂඡුඔක්‍ ගිලන් කුටිය ප‍්‍රශස්ත නිර්මාණයක් මෙන්ම අත්‍යාවශ්‍ය ආරක්ෂිත උපාංගයක් ද වනු ඇත. අඩි 5ක උසකින් යුතු මෙම ගිලන් කුටිය මුළුමනින්ම ආවරණය වී ඇති අතර විශබීජ පිටතට පැමිණීම මුළුමනින්ම පාලනය කිරීමට සමත් ව ඇති බැවින් මෙබඳු රෝගීන් සමග කටයුතු කිරීමේදී විශබීජ හරණයට වැය වන කාලය ඉතිරි කර ගැනීම, වියදම් අවම කිරීම සහ කුඩා ඉඩ ප‍්‍රමාණයක් තුළ ආරක්ෂිතව රෝගියා හැසිරවීමට රෝහල් කාර්ය මණ්ඩලයට ආරක්ෂිත සහ සුවපහසුව රෝගියා ගෙන යෑමට හැකි වීම, මෙන්ම මෙහි ඇති වාතාශ‍්‍රය පාලනය කිරීමට ගෙන ඇති ක‍්‍රියාමාර්ග මගින් ඇතුළත පවතින බැක්ටීරියා හෝ වෛරස්වලින් අවට පිරිස් ආරක්ෂාවීමත් පිටත ඇති වෛරස් හෝ බැක්ටීරියා මගින් කුටීරය ඇතුළත සිටින රෝගියා ආරක්ෂා වීමත් සිදුවේ. මෙම ආරක්ෂිත කුටීරය නිර්මාණය කිරීමේදී අනාගත වැඩිදියුණු කිරීම් සඳහා අවධානය යොමු කරමින් නිර්මාණය කිරීම විශේෂත්වයක් වන අතර විශබීජ පිළිබඳව අනියත බියකින් තොරව වඩාත් කාර්යක්ෂමව සිය සේවාවන් සැපයීමට හේමාස් රෝහල් කාර්ය මණ්ඩලයට මෙමගින් හැකියාව ලැබේ.

    හේමාස් රෝහලේ ප‍්‍රතිකාර ලබා ගනිමින් සිටියදී කෝවිඞ් 19 වෛරසයට ගොදුරු වූවායැයි සැක කෙරෙන හෝ වෛරසයට ගොදුරු වූ රෝගියකු හමුවුවහොත් එම රෝගියා අනෙක් රෝගීන්ගෙන් වෙන් කර ප‍්‍රතිකාර සිදුකිරීම අතිශය වැදගත් වන අතර මෙම ක‍්‍රියාවලියේදී අපගේ කාර්යමණ්ඩලයේ ආරක්ෂාව මෙන්ම අනෙකුත් රෝගීන්ගේ ආරක්ෂාව සැලසීම ද අතිශය වැදගත් කරුණක්. මෙබඳු රෝගීන්ට ප‍්‍රතිකාර සිදුකිරීමේදී සායනික අවශ්‍යතා මත යම් ස්ථානයන් වෙත ගෙන යෑමට අවශ්‍ය වූ විටෙක ඉතාමත් ආරක්ෂිතා සහිතව ඒ ක‍්‍රියාවලිය සිදු විය යුතුයි. මේ සඳහා කාර්යමණ්ඩලයේ විශාල පිරිසකගේ සහාය සහ කාලය අවශ්‍ය වෙනවා. එමෙන්ම මිනිසුන් ලෙස  ඕනෑම කෙනෙකු අතින් සිදුවන සුළු අතපසුවීමකින් හෝ විශබීජ පරිසරයට නිරාවරණය වුවහොත් එම ප‍්‍රදේශයම විශබීජහරණයට ලක් කිරීමට විශාල වෑයමක් දැරීමට සිදුවනවා මෙන්ම එම ප‍්‍රදේශයම හෝ ආයතනයම මුළු ආයතනයම මුළුමනින්ම වසා දැමීමට සිදුවිය හැකියි. සුළු අතපසුවීමකින් හෝ විශබීජ පරිසරයට නිරාවරණය වුවහොත් එම ප‍්‍රදේශයම විශබීජ හරණයට ලක්කිරීමට විශාල වෑයමක් දැරීමට සිදුවනවා මෙන්ම එම ප‍්‍රදේශය හෝ ආයතනයම මුළුමනින්ම වසා දැමීමට සිදුවිය හැකියි. මෙම රෝගීන් ප‍්‍රවාහනය කළ හැකි ආරක්ෂිත කුටිය නිර්මාණය කළේ මේ සියලූ අවශ්‍යතා පිළිබඳ සලකා බැලීමෙන් සහ කාලීන අවශ්‍යතාවකට අනුවයි.’’ යනුවෙන් වත්තල හේමාස් රෝහලේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර මෙහෙයුම් චාමින්ද කොඩිකාර මහතා පැවසීය.

    ඉදිරියේදී ඇති වන මෝසම් වැසි තත්වයන් මත කෝවිඞ් 19 රෝග ලක්ෂණවලට සමාන උණ රෝගීන් සහ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යෑමක් සිදුවිය හැකි අතර එම රෝගීන් කෝවිඞ් ආසාදනය නොවූ බවට තහවුරු වන තෙක් ප‍්‍රතිකාර කිරීම සඳහා විශේෂ ප‍්‍රතිකාර වත්තල හේමාස් රෝහලේ ස්ථාපනය කර ඇත. මෙම කාර්යයේදී තමන් විසින් නිර්මාණය කළ රෝගීන් එහා මෙහා ගෙන යෑමේ කුටිය විශාල දායකත්වයක් ලබා දෙන බව ඔහු වැඩිදුරටත්

    තමන්ට මෙම විශේෂ විශබීජහරණ කුටිය නිර්මාණය කිරීමේදී වත්තල හේමාස් රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා විසින් ලබා දුන් අමිල වූ දායකත්වය ගෞරවයෙන් සිහිපත් කළේය. විශේෂයෙන්ම ඇඳිරනීතිය බලපා පනවා තිබූ   ඇති අවස්ථාවක මෙම නිර්මාණය සඳහා රෝහලෙන් දිය හැකි උපරිම සහාය ලබා දීමට වෛද්‍ය ලසන්ත කරුණාසේකර මහතා දැක්වූ දායකත්වය අති මහත් බව ඔහු සඳහන් කළේය. එමෙන්ම මෙම නිර්මාණයට සහාය දැක්වූ වත්තල හේමාස් රෝහලේ වෛද ්‍ය සේවා කළමනාකාර වෛද්‍ය සංජය රත්නායක මහතාට ද ප‍්‍රණාමය පුදකළේය.

    හේමාස් රෝහල් සමූහයේ සමාජිකයකු නිර්මාණය කළ මෙම නවෝත්පාදනය පිළිබඳ අදහස් දැක්වූ හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්‍ෂ සහ පුද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා ‘‘මෙවැනි ගෝලීය වසංගතයක් ඇති තත්වයක් තුළ නවෝතපාදයෙන් තොර මනුසත් බවේ සාර්ථකත්වයක් දකින්නට නොහැකියි. සුවසේවා ක්ෂේත‍්‍රය තුළ මින් පෙර දැකගත නොහැකි වූ බොහෝ නවෝත්පාදනයන් වර්තමානයේදී දැකගත හැකි වීම හා ඒ සඳහා දිරිගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව මගේ අදහසයි. හේමාස් රෝහල් සමූහය ලෙස අපි නිරන්තරව මේ පිළිබඳව අවධානයෙන් සිටින අතර තීරණාත්මක සුවසේවා අවශ්‍යතා සපුරාලීමට කඩිනමින් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටිනවා. කෝවිඞ් වසංගතයට සාර්ථකව මුහුණදෙමින් එය පැතිරයෑම පාලනය සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහාය දැක්වීමට අපි ආරම්භයේ සිටම කැපවී කටයුතු කළා. මේ සඳහා අවශ්‍ය සියලූ සම්පත් ඒකරාශී කරගනිමින් මෙම වසංගත තත්වය මැඩපැවැත්වීම සඳහා කටයුතු කළ අතර බෝවන රෝග සහිත රෝගීන් ආරක්ෂිතව ප‍්‍රවාහනය කිරීමේ මෙම නවීනතම උපාංගය මෙම කැපවීමෙහි අග‍්‍ර ඵලයක් ලෙස හඳුන්වාදීමට පුළුවන්.’’යනුවෙන් පැවසීය.

    කෝවිඞ් 19 වසංගත තත්වයෙන් සිය රෝගීන් , කාර්යමණ්ඩලය සහ පොදුවේ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග පිළිබඳ විද්‍යායතනය විසින් හඳුන්වාදුන් නියාමන රීතීන් දැඩිව ක‍්‍රියාත්මක කිරීමට හේමාස් රෝහල විසින් ආරම්භයේ සිටම පියවර ගත් අතර රෝගීන් සහ අමුත්තන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම සහ දෑත් සේදීම සඳහා අවශ්‍ය විශබීජ නාශක දියර සැපයීම යන පහසුකම් අලූතින් ස්ථාපනය කිරීමට ද පියවර ගන්නා ලදි. රෝහල් පරිශ‍්‍රය තුළ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කළ අතර රෝහල තුළ ඇති විය හැකි තදබදය සහ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම සඳහා අමුත්තන්ට අසුන් ගැනීම සඳහා අමතර පරිශ‍්‍රයන් හඳුන්වා දෙන ලදි. මෙම වසංගත තත්වය පිළිබඳව රෝහලේ සෑම සේවකයකුම ඉතා හොඳින් දැනුවත් කිරීමට හේමාස් රෝහල් සමූහය පියවර ගත් අතර සාමාන්‍යයෙන් සිදු කෙරෙන පිරිසිදු කටයුතු දැඩි තීව‍්‍ර තාවයකින් යුතුව ඉහළ අවධානයක් යොමු කරමින් සිදු කෙරේ. රෝගීන් සමග සෘජුව කටයුතු කරන රෝහල් කාර්ය මණ්ඩලය කෝවිඞ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඉවත දැමිය හැකි පුද්ගල ආරක්ෂිත උපාංග භාවිතා කරවීමට හුරු කළ අතර එමගින් කෝවිඞ් ශරීරගත වීමට ඇති අවස්ථා හැකි තාක් අවම කිරීමට පියවර ගෙන ඇත. මේ අයුරින් කෝවිඞ් 19 වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා අඛණ්ඩව අවධානය යොමුකරමින් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදිය හැකි උපරිම දායකත්වය ලබා දීමට හේමාස් රෝහල් සමූහය කටයුතු කර ඇත.

    වර්ෂ 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල, රෝහල් ජාලයක් බවට වර්ධනය වී එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. මීට අමතරව හේමාස් රෝහල් සමූහයට අනුබද්ධිත හේමාස් රසායනාගාර සමූහය දීපව්‍යාප්තව සිය සේවාවන් පවත්වාගෙන යනු ලබයි. ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල සමුහය ත්‍ඵක්‍ඨ, සෞඛ්‍ය, ප‍්‍රවාහන සහ විනෝදාස්වාදය ඇතුළු අංශ රැසක විවිධාංගිකරණය වූ හේමාස් හෝල්ඩින්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ජාත්‍යන්තර මට්ටමින් යුත් ගුණාත්මක සහ ආරක්ෂිත සේවාවක් රෝගීන්ට සපයනු ලබයි.

    හේමාස් රෝහල මේ වන විට සමාජ සද්කාරමය ක‍්‍රියාවලින් රැසක් ද සිදුකරමින් සිටී. කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයේ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක‍්‍රියාත්මක වන ‘‘පියවරවැඩසටහනින් මේ වන විට රුපියල් මිලියන 400ක වියදමකින් ගුරුවරුන් 140 කට වැඩි ප‍්‍රමාණයක් හා ළමුන් 3200 සඳහා දිවයින පුරා පෙර පාසල් 53ක් ඉදිකර ඇති අතර ‘‘ආයතිසමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්විද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650ක වියදමකින් රාගම රෝහලේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඉදි කර ඇත.