October, 22, 2019
ශ‍්‍රී ලංකා සුව සේවා සැපයීමේ ප‍්‍රමුඛතම ආයතනය වන හේමාස් රෝහල් ජාලය මෑතකදී ජාතික සහ ජාත්‍යන්තර සම්මාන රැසක් ලබා ගනිමින් ශ‍්‍රී ලංකාවේ වැඩිම සම්මාන ලාභී රෝහල බවට පත්වීමේ ජයග‍්‍රහණය සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පසුගිය ඔක්තෝබර් 15 වනදා ෂැන්ග‍්‍රි-ලා හෝටලයේදී සැමරූ අතර මෙම උළෙල ”සෙත්කාරය” ලෙස නම් කර තිබිණි.
හේමාස් රෝහල පසුගිය මාස හය තුළ ජාතික සහ ජාත්‍යනතර තලයේ ඉහළම සම්මානයන් 18 කින් පිදුම් ලබමින් ශ‍්‍රී ලංකාවේ වඩාත් පිළිගත් රෝහල බවට පත්වීමට සමත් වී තිබේ. මෙම සම්මානයන් අතර සිංගප්පූරුවේ හෙල්ත්කෙයාර් ඒෂියා ^health care Asia& හි සම්මාන 3 ත්, වියට්නාමයේ හැනෝයි හි පැවති රෝහල් කළමනාකරණ ආසියා සම්මාන උළෙලේ ^Hospital Management Asia& විශිෂ්ටතා සම්මානයත් ඇතුළත් වන අතර, මේ වසරේදී ප‍්‍රධාන විදේශීය සම්මානයන් ලබා ගත් මෙරට එකම රෝහල හේමාස් රෝහල බවට පත්වෙමින් ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දීමට සමත් වී තිබේ.
මේ අතර ජාතික මට්ටමෙන් ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනය හෙවත් NIOSH හි ඉහළම සම්මාන 3 ත්, ගුණාත්මකභාවය හා ඵලදායීතාවය සඳහා වූ ජාතික සම්මේලනයේ ^NCQP& රන් සම්මාන 9 ක් රිදී සහ ලෝකඩ සම්මානයත් ලැබීමට හේමාස් රෝහල සමත් වී තිබේ.
හේමාස් රෝහලේ ‘‘සෙත්කාරය”සම්මාන සැමරුම් රාත‍්‍රිය විශේෂ වූ සම්භාවනීය අමුත්තන් රැුසකගෙන් සමන්විත වූ අතර, ශ‍්‍රී ලංකා ප‍්‍රතීතන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රිකා තිලකරත්න, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්/ප‍්‍රධාන විධායක නිළධාරී ආචාර්ය සිද්ධිකා ජී සේනාරත්න, තත්ත්වය හා ඵලදායීතාවය ප‍්‍රවර්ධනය සඳහා වන ශ‍්‍රී ලංකා සංගමයේ සභාපති බැනට් ගම්ලත්, ජාතික වෘත්තීය සුරක්ෂිතතා සහ සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නිර්මලී චම්පිකා අමරසිංහ, ඊ කොවිස් ලිමිටඞ් සහ RKCA හි අධ්‍යක්ෂ ධීරාජ් රති, වකුගඩු රෝග සම්බන්ධ විශේඥ වෛද්‍ය චින්තන ගලහිටියාව, හේමාස් හෝල්ඩින්ග්ස් හි ප‍්‍රධාන විධායක නිළධාරී ස්ටීවන් එන්ඩර්බි, හේමාස් රෝහල් ජාලයේ සභාපති මුර්ටසා එසුෆලි හේමාස් රෝහල් ජාලයේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ලකිත් පීරිස්, සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, පෞද්ගලික සෞඛ්‍ය අංශ සංවර්ධන අධ්‍යක්ෂ සහ මහරගම අපෙක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසනායක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද මේ සඳහා සහභාගි වුහ.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ විශේෂිත සම්භාවනීය අමුත්තන් විසින් රෝහලක තිබිය යුතු ගුණාත්මකභාවය, ඵලදායිතාව, සහ ආරක්ෂාවේ වැදගත්කම පිලිබඳ අවධාරණය කළ අතර ශ‍්‍රී ලංකා සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ඉහළ නැංවීම සඳහා බොහෝ මුලපිරුම් ඉදිරිපත් කිරීම ගැන හේමාස් රෝහල ඇගයීමට ලක් කළඅතර ශ‍්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගුණාත්මක බව සහ රෝගීන්ගේ සුරක්ෂිත බව සැලසීම අතින් ඉදිරියෙන්ම සිටින බවත් පැවසීය.
මෙම උළෙලට එක්වෙමින් අදහස් දැක්වූ හේමාස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ සහ පෞද්ගලික රෝහල් සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා ‘‘හේමාස් රෝහල් ජාලය සැමවිටම අන්තර්ජාතික ප‍්‍රමිතීන් සහ යහ පිළිවෙත් ක‍්‍රියාත්මක කරමින් ගුණාත්මක බවිනුත්, රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනුත්, නව්‍යකරණය අතිනුත් පෙරමුණ ගෙන සිටින බව අපට ප‍්‍රකාශ කරන්න පුළුවන්. ඒවගේම එය සෞඛ්‍ය සේවාවේ ඉහළම ප‍්‍රමිතීන් ද අභිබවමින් රෝගීන් වෙනුවෙන් කටයුතු කළ යුත්තේ කෙසේද යන්න පිලිබඳ අනෙකුත් රෝහල් සඳහා ආදර්ශයක් සපයමින් මිනුම් දණ්ඩයක් වීමට ද සමත් වී තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශකයේ සුභවාදී වෙනසක් කිරීමට අප සමත් වී සිටිනවා’’ යැයි පැවසීය.
සුවසේවා ක්ෂේත‍්‍රයේ සීමා මායිම් අභිබවමින් කටයුතු කළ හේමාස් රෝහල හුදු ලාභදායීත්වය පිළිබඳව පමණක් අවධානය යොමු නොකර ආරම්භයේ සිටම කොළඹින් පිටත ජීවත් වන ජනතාව වෙත ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් ලබාදීමට කටයුතු කිරීමත් , අන්තර්ජාතික ප‍්‍රමිතිකරණයේ රන් මුද්‍රාව ලෙස සැළකෙන ජාත්‍යන්තර සෞඛ්‍ය ප‍්‍රමිතීන් සඳහා වන ඔස්ටේ‍්‍රලියානු කවුන්සිලයේ ජාත්‍යන්තර තත්ත්වයන් ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීම වැනි උදාර කර්තව්‍යයන් හරහා සත්කාරය අභිබවලූ සෙත්කාරයක් ඉටු කිරීමට හේමාස් රෝහල් සමූහයට හැකි වූ බව නිසැකවම සඳහන් කළ හැක.
තවද හේමාස් රෝහල් ජාලය මගින් හේමාස් හෙල්ත් ඇප් සහ ලයිව්ට‍්‍රැක් වැනි පුළුල් පරාසයක ඩිජිටල් සෞඛ්‍ය විසඳුම් රැුසක් හඳුන්වා දී තිබේ. එය මේ වන විට ඉලෙක්ට්‍රොනික් සෞඛ්‍ය වාර්තා හඳුන්වාදීම් ක‍්‍රියාවලියේ සිට සෞඛ්‍ය සේවාව සඳහා පහසු සහ කාර්යක්ෂම ප‍්‍රවේශයක් ලබා දෙන ස්මාර්ට් රෝහල් සංකල්පය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.
එසේම සේවා හා රැකවරණය පිළිබඳ ප‍්‍රමිතීන් ඉහළ නැංවීම සඳහා LEAN සහ 5 S යන සංකල්ප ඇතුළු ඵලදායිතාව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ වැඩසටහන් රාශියක් ද හේමාස් රෝහල් සමූහය විසින් දියත් කර තිබේ.
හේමාස් රෝහල අඩු වරප‍්‍රසාද ලාභී ජනතාව සඳහා වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කර ඇති අතර ඔවුන් වෙත ඉමහත් ප‍්‍රතිලාභ අත්කර දී ඇත. මෙම වැඩසටහන් අතර ‘‘සුවදන’’ වැඩසටහන මගින් දිවයිනේ විවිධ පළාත් වල ජනතාවට නොමිලේ සෞඛ්‍ය කඳවුරු පවත්වන අතර, ‘‘සුවනැණ’’ වැඩසටහන මගින් සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලැබේ.
තවද පාසල් සඳහා ප‍්‍රථමාධාර සහ සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ ‘‘සුවසිසු’’ වැඩසටහන, වෛද්‍යවරුන් සඳහා වෛද්‍ය අධ්‍යාපන වැඩසටහනක් වන ‘‘Meducate’’ වැඩසටහන, යනාදිය අඛණ්ඩව නොමිලේ පවත්වාගෙන යනු ලබයි. එසේම ‘‘ඩෙංගු එපා’’ යන වැඩසටහනත්, වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනක් වන ‘‘සිප්හලෙන් එහා’’ මාර්ගෝපදේශන වැඩසටහනත් ජනතාව අතර වඩාත් ගෞවරවයට පාත‍්‍ර වී ඇත.
මීට අමතරව හේමාස් හෝල්ඩින්ග්ස් ආරම්භ කර තිබෙන ‘‘පියවර” වැඩසටහන මගින් ලංකාව පුර පිහිටි පෙර පාසල් 60 කට වැඩි සංඛ්‍යාවක මුල් ළමා විය අධ්‍යාපනය වර්ධනය සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබෙන අතර විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට ප‍්‍රතිකාර සහ පුනරුත්ථාපනය වෙනුවෙන් රුපියල් මිලියන 650 ක වියදමක් දරා රාගම වෛද්‍ය පීඨයේ ඇරඹු ශ‍්‍රී ලංකාවේ එකම ජාතික මධ්‍යස්ථානය වන ආයති මධ්‍යස්ථානය මෙම වසරේ දෙසැම්බර් මස විවෘත කිරීමට නියමිතව ඇත.
වර්ෂ 2008 ආරම්භ කරන ලද හේමාස් රෝහල් ජාලයේ පළමුවැන්න වත්තලත්, දෙවැන්න තලවතුගොඩත් ස්ථාපිත කර තිබේ. ශ‍්‍රී ලංකාවේ උසස්ම සේවයක් ලබා දෙන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල පුළුල් ශල්‍ය හා වෛද්‍ය පහසුකම් සපයන අතර දිවයින පුරා රසායනාගාර ජාලයක් ද ක‍්‍රියාත්මක කරනු ලබයි.