හේමාස් හෙද විදුහලේ පුහුණුව ලැබූ තවත් කණ්ඩායමකට හිස් පළඳනා සහ ඩිප්ලෝමා ප‍්‍රදානය කරයි

    December, 12, 2019

    ACHSI හෙවත්  Australian Council for Healthcare Standards International ප‍්‍රමිතිකරණය ලැබූ සහ රෝගීන්ගේ ආරක්ෂාව සහ ගුණාත්මක බව සම්බන්ධයෙන් රන් මුද්‍රාව ලැබූ  ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම සහ එකම රෝහල් ජාලය වන හේමාස් රෝහල් සමූහයට අනුබද්ධිත හේමාස් හෙද විදුහලේ ඉගෙනුම ලැබූ නවක හෙද ශිෂ්‍ය කණ්ඩායමට හිස් පළඳනා සහ වාර්ෂික ඩිප්ලෝමා ප‍්‍රදානය පසුගියදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වින.

    මෙහිදී 12 දෙනෙකු හිස් පළඳනා පැළඳි අතර තවත් 30 කට ඩිප්ලෝමා ප‍්‍රදානය කෙරිණි. මෙම කණ්ඩායම් ද්විත්වයෙන්ම ඉහළම දක්ෂතා දැක්වූවන් අතර 2015 කණ්ඩායමේ සෙලීෂා වීරසිංහත්, 2016 කණ්ඩායමේ ධනංජය අනුරුද්ධත් සම්මානයට පාත‍්‍රවිය.

    මේ පිලිබඳ අදහස් දැක්වූ හේමාස් රෝහලේ කළමණාකාර අධ්‍යක්ෂ සහ පෞද්ගලික රෝහල් සංගමයේ සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා,‘‘ අපගේ හේමාස් හෙද විදුහලෙන් පුහුණුව ලබා පාඨමාලාව සාර්ථකව නිම කළ සියලූ සිසුන්ට මගේ හෘදයාංගම සුබ පැතුම් පිරිනමනවා. ඔවුන් ලබා ඇති පූර්ණ දැනුම සහ කුසලතා තුළින් හෙද වෘත්තිය සාර්ථකව ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකසන අතර හෙද වෘත්තියේ ගැඹුරු සාරධර්ම ප‍්‍රගුණ කිරීමට ද අවශ්‍ය මග පෙන්වීමද අපගේ හෙද විදුහලෙන් ලැබුණු බව ප‍්‍රකාශ කල යුතුයි. එසේම රෝගීන් සමග කටයුතු කිරීමේදී රාජකාරියෙන් ඔබ්බට ගිය නිවැරදි වෘත්තීය ආකල්පයන් ද මීට ඇතුලත් වෙනවා,”

    ”තවද අපගේ රෝහල ජාලයේ ඉහළ යන හෙද වෘත්තීය අවශ්‍යතා ඉල්ලූම සපුරාලීම සඳහා හෙද විදුහල පුළුල් කිරීමට අප සැලසුම් කර තිබෙන අතර ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන් සඳහා ජාත්‍යන්තර වශයෙන් පිළිගත් රැකියා අවස්ථාවන් ද මින් නිර්මාණය වනවා’’ යනුවෙන් පැවසීය.

    හේමාස් රෝහලේ හෙද විදුහල වර්ෂ 2011 දී නැවත වරක් හෙදියනට විවෘත වූ අතර එතැන් සිට මේ දක්වා හෙද සිසු කණ්ඩායම් පහක් පිටව ගොස් තිබෙන අතර ඔවුන් මේ වන විට වත්තල සහ තලවතුගොඩ යන රෝහල් හි සේවය කරනු ලබයි. එසේම ඔවුන්ගෙන් කිහිප දෙනකු විදේශ ගත වී ඇති අතර තවත් පිරිසක් ශ‍්‍රී ලංකා විවෘත  විශ්වවිද්‍යාලයට සහ ජාත්‍යන්තර සෞඛ්‍ය විද්‍යා ආයතනයට ඇතුලත් වී තම හෙද වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු වී ඇත.

    මෙම ආයතනය වර්තමානයේ වසර 03 ක හෙද ඩිප්ලෝමා පාඨමාලාවක් පවත්වනු ලබන අතර එය තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ^TVEC& ප‍්‍රමිතිකරණය ලද පාඨමාලාවකි. එසේම පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන කවුන්සිලයේ ^PHSRC& ලියාපදිංචිය සඳහා අවශ්‍ය කටයුතු ද කෙරෙමින් පවතී. මේ වන විට දළ වශයෙන් සිසුන් 100 ක් හෙද විදුහලට ඇතුළත් වී ඇති අතර ඔවුන්ට අවශ්‍ය උපදෙස් සහ පුහුණුව පළපුරුදු අධ්‍යයන කාර්ය මණ්ඩලයෙන් මගින් ලබා දෙයි. මෙම දේශනා සහ අනෙකුත් ප‍්‍රායෝගික පුහුණුව ඉඩකඩ සහිත වායුසමීකරණය කරන ලද දේශන ශාලා තුල සහ නවීන විද්‍යාගාරයන් හි ලබා දෙන අතර නවීන ලෝකයට අවශ්‍ය තොරතුරු තාක්ෂණ දනුමෙන්ද ඔවුන් පෝෂණය කරනු ලබයි.

    හෙද විදුහලේ විදුහල්පතිනිය ලෙස J.S. දෙල්පිටිය මිය කටයුතු කරන අතර ඇය මීට පෙර කඳාන ජාතික හෙද විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කර ඇත. එසේම ජ්‍යෙෂ්ඨ හෙද උපදේශිකාවන් ලෙස විජයන්ති කුමාරි, සහ චමරි කළුපහන කටයුතු කරනු ලබන අතර කණිෂ්ට හෙද උපදේශිකාවන් ලෙස අචින්තා කුමාරසිංහ සහ ඉෂාරා වන්නිආරච්චි කටයුතු කරනු ලබයි. මීට අමතරව උපදේශක වෛද්‍යවරුන්, ළමා රෝග විශේඥයින් ඇතුළු තවත් වෛද්‍යවරුන් පිරිසක් බාහිර කථිකාචාර්යවරුන් ලෙස සේවය කරනු ලබයි.

    හෙද විදුහලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන්ට අධ්‍යයන කාලය තුළ විශේෂ මූල්‍ය දීමනාවක් පිරිනමන අතර විවිධ වූ බාහිර ක‍්‍රියාකාරකම් සහ අධ්‍යාපන තරඟ යනාදිය සඳහා සහභාගී වීමට ද අවස්ථාව ලැබේ.

    වෘත්තීය ප‍්‍රමිතීන් පෝෂණය කිරීම සඳහා හේමාස් රෝහල් ජාලය ගනු ලබන ක‍්‍රියාමාර්ගයන්ගේ තවත් එක් පියවරක් ලෙස හේමාස් හෙද විදුහල හැඳින්වීමට පුළුවන. තවද වත්තල සහ තලවතුගොඩ හෙද කාර්ය මණ්ඩලයේ කුසලතා ඉහළ නැංවීම සඳහා මෙම වසරේ ඉන්දියාවේ මනිපාල් ග්ලෝබල් එඩියුකේෂන් සර්විසස් ^MaGE& සමග සහයෝගිත්ව ගිවිසුමකට එළඹුන අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස බැංගලෝරයේ පිහිටි එම ආයතනයේ දින 14 ක පුහුණුවකින් පසු වෘත්තීයව පිළිගත් ඩිප්ලෝමාවක් ලබා ගැනීමේ හැකියාව හේමාස් රෝහල් හෙදියනට ලැබීම විශේෂත්වයකි.

    වර්ෂ 2008 දී වත්තල ස්ථාපිත කරන ලද හේමාස් රෝහල, රෝහල් ජාලයක් බට පත් කරමින් එහි දෙවැන්න තලවතුගොඩ ස්ථාපිත කරන ලදී. ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන රෝහල් ජාලයක් වන හේමාස් රෝහල සමුහය ත්‍ඵක්‍ඨ ,සෞඛ්‍ය, ප‍්‍රවාහන. සහ විනෝදාස්වාදය ඇතුළු අංශ රැසක විවිධාංගිකරණය වූ හේමාස් හෝල්ඩින්ග්ස් හී පූර්ණ අනුබද්ධිත ආයතනයක් වන අතර ජාත්‍යන්තර මට්ටමින් යුත් ගුණාත්මක සහ ආරක්ෂිත සේවාවක් රෝගීන්ට සපයනු ලබයි.

    හේමාස් රෝහල මේ වන විට සමාජ සද්කාරමය ක‍්‍රියාවලින් රැසක් ද සිදුකරමින් සිටී. කාන්තා සහ ළමා කටයුතු කාර්යාංශයත් සමග ක‍්‍රියාත්මක වන ‘‘පියවර” වැඩසටහනින් මේ වන විට රුපියල් මිලියන 400 ක වියදමකින් දිවයින පුරා පෙර පාසල් 56 ක් ඉදිකර ඇති අතර ‘‘ආයති” සමාජ සද්කාරමය වැඩසටහන යටතේ කැලණිය විශ්විද්‍යාලය, මාස් හෝල්ඩින්ග්ස් සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාව සමග එක්ව ආබාධිත දරුවන් වෙනුවෙන් රුපියල් මිලියන 650 ක වියදමකින් රාගම රෝහලේ ඉදි කරනු ලැබූ පුනරුත්ථාපන මධ්‍යස්ථානය මෙම වසරේ දෙසැම්බර් මස විවෘත කිරීමට නියමිතව ඇත.