හේමාස් හෝල්ඩින්ග්ස් වෙත විදේශීය අරමුදල්වල ඇස

    March, 3, 2015

    හේමාස් සමූහ ව්‍යාපාරය ආරම්භ කළ ඉසුෆලි (Esufally) පවුලේ සමාජිකයින්ද ඇතුළත් හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගමේ ප්‍රධාන කොටස්කරුවන් විසින් සමාගම විසින් නිකුත් කිරීමට සූදානම් වන නව කොටස් මිලදී නොගන්නා බවත් විදේශීය ආයතනික අරමුදල් සහ දේශීය ආයෝජකයින් මෙම කොටස් මිලදීගැනීම සඳහා දැඩි උනන්දුවක් දක්වා තිබෙන බවත් හේමාස් හෝල්ඩින්ග්ස් පී.එල්.සී. සමාගම කියයි.

    සමාගම සඳහන් කර තිබෙන්නේ මුර්ටාසා ඉසුෆලි, හුසේන් ඉසුෆලි, අබ්බාස් ඉසුෆලි, AZ Holding (Pvt) Ltd, Saraz Investments (Pvt) Ltd, Blueberry Investments Pvt Ltd සහ Amagroup (Pvt) Ltd යන ප්‍රධාන කොටස්කරුවන් නව කොටස් මිලදී නොගන්නා බවයි.

    හේමාස් විසින් පවතින කොටස් 09 ක් වෙනුවෙන් එක් අමතර කොටසක් ලබාදෙමින් හිමිකම් නිකුතුවක් සිදුකරන අතර ඒ තුළින් රැස්කර ගැනීමට අපේක්ෂා කර තිබෙන මුදල රුපියල් බිලියන 4.2 කි.

    1948 වසරේදී ආරම්භ කළ හේමාස් සමාගම සනීපාරක්ෂක, සෞඛ්‍ය, සංචාරක, ප්‍රවාහන සහ උපාය මාර්ගික ආයෝජන යන අංශ වෙත විවිධාංගීකරණය (Diversified) වූ සමාගම් සමූහයකි.

    සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට Esufally A.N, Esufally M.A.H., Esufally I.A.H., Mohapatra P.K., Wickremesinghe M.E., Gopalakrishnan R., Weerakkody D.S. , Ekanayake S.A.B., Arsakularatne W.M. යන සාමාජිකයින් අයත් වේ.