හේලීස් අලුමෙක්ස් මහජනයාට විකිණේ

    February, 20, 2014

    හේලීස් සමූහයට අනුබද්ධ අලුමෙක්ස් සමාගම මූලික මහජන කොටස් නිකුතුවකින් රුපියල් මිලියන 838 ක මුදලක් රැස්කර ගැනීමට සූදානම් වන අතර එම මුදල් කර්මාන්ත ශාලාවක් ගොඩ නැගීම සඳහා යෙදවීමට සැලසුම් කර ඇත.

    මේ යටතේ සමාගම විසින් එකක් රුපියල් 14 ක් වන සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 59.9 ක් මහජනතාවට නිකුත් කරන අතර මේවා කොළඹ කොටස් වෙළඳ පොළේ දිරිසවි පුවරුවේ ලයිස්තු ගත කිරීමට නියමිතය.

    කොටස් නිකුතුව මාර්තු 06 වනදා මහජනතාව වෙනුවෙන් විවෘත වන අතර ලබාගත හැකි අවම කොටස් ප්‍රමාණය 100 කි.

    මේ වනවිට, මෙරට ඉදිකිරීම් කර්මාන්තයේ ඇතිව තිබෙන වර්ධනය හමුවේ අලුමෙක්ස් සමාගමේ ලාභදායීතාවය තවදුරටත් වර්ධනය වීමට ඉඩකඩක් තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates