හේලීස් කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලෙහිදී සිය විශිෂ්ටත්වය පෙන්වයි

    February, 12, 2020

    කැලණි වැලි ප්ලාන්ටේෂන්ස් පීඑල්සී (KVPL ) ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීයම වැවිලි භෝග නිෂ්පාදකයා ලෙස 2019 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සමස්ත විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී.

    මෙම සම්මානයෙන් පිදුම් ලද දෙවැනි වැවිලි සමාගම ණඪඡුඛ වන අතර, එහි සහෝදර සමාගම වන තලවකැලේ තේ වතු සමාගම (KVPL )පසුගිය වර්ෂයේදී සමස්ත අංශයේ ජයග‍්‍රාහකයා වෙමින් සම්මානයෙන් පිදුම් ලැබීමද විශේෂත්වයකි.

     උත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබූ සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ දකුණු අපි‍්‍රකානු තානාපති Robina Patricia Marks විසින් මෙම සම්මානය KVPL කණ්ඩායම වෙත ලබා දෙන ලදී.

    කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් සමාගම කාර්යසාධන කළමනාකරණ විශිෂ්ටත්වය, ආයතනික සමාජ වගකීම්සහගතභාවය පිළිබ`ද විශිෂ්ටත්වය සහ දැවැන්ත සමාගම් අංශයන්හි රන් සම්මානය දිනාගනු ලැබ තිබෙන අතර, ඊට අමතරව ආයතනික යහපාලන විශිෂ්ටත්වය සහ කෘෂි හා වැවිලි අංශයන්හි රිදී සම්මානයන්ද හිමිකර ගැනීමට සමත්ව සිටී.

    KVPL සමාගමේ වාර්තාගත ජයග‍්‍රහණයන් පිළිබ`දව අදහස් දක්වමින් වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රයෙහි විශේෂඥයෙකු මෙන්ම හේලීස් ප්ලාන්ටේෂන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයාද වන ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා මෙසේ පැවසීය. ‘‘ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී පසුගිය වර්ෂයේදී වගේම මෙවරත් සම්මානනීය ඇගයීම් හිමිවීම ගැන අපි ආඩම්බරයට පත්වෙනවා. වැවිලි කර්මාන්තය අනපේක්ෂිත අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින සමයක මෙම සම්මාන හිමිකරගැනීමට හැකිවීම කියාපාන්නේ හේලීස් සමාගමේ විශිෂ්ටත්වයයි. වැවිලි කර්මාන්තයෙහි පවතින තත්ත්වයන් වෙනස් කරමින් ආර්ථිකයට නව ජීවයක් ලබා දීමට අපට මෙම සම්මානයන් විශාල අනුබලයක් වූ බවත් කියන්න කැමතියි.’’

    මීට අමතරව 2017 වර්ෂයේදී ණඪඡුඛ සමාගම සමස්ත අංශයෙහි ජයග‍්‍රාහකයාට හිමි සම්මානයට හිමිකම් කියූ දෙවැනි ප‍්‍රාදේශීය වැවිලි සමාගම බවට පත්වූ අතර, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ සමස්ත ලෝකඩ සම්මානයෙන් සහ සම්මාන අටකින් පිදුම් ලබමින් සම්මාන උළෙලෙහි වර්ෂයේ විශිෂ්ටතම සමාගම් ති‍්‍රත්වය අතරට එක්වීමටද සමත්ව සිටී.

    2004 වර්ෂයේ සිට ජාතික වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේ කීර්තිමත් ආයතන ඇගයීමට ලක්කරන සම්මාන උළෙලක් වන අතර, වෘත්තීයභාවය හා දැඩි ඇගයීම් ක‍්‍රියාවලිය නිසා ආයතනික ලෝකය තුළ ඉහළ කීර්තිනාමයක් හිමිකරගෙන සිටී.

    හේලීස් වැවිලි අංශයේ KVPL සහ TTEL සමාගම් ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සිය විශිෂ්ට කාර්යසාධන හැකියාවන් පෙන්නුම් කරනු ලැබූ අතර, 55 වැනි CA ශ‍්‍රී ලංකා වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී වැවිලි සමාගම් අංශයෙන් ඒකාබද්ධව රන් සම්මානයෙන් පිදුම් ලබන ලදී. ජාතික මානව සම්පත් සමුළුවේදී 2018 හා 2019 වර්ෂයන්හිදී විශිෂ්ට මානව සම්පත් භාවිතාවන් වෙනුවෙන් ජයග‍්‍රාහකයා වශයෙන් හේලීස් ප්ලාන්ටේෂන්ස් තෝරාගැනීමද විශේෂත්වයකි.

    වර්තමානයේදී මෙරට වඩාත් සාර්ථකව ක‍්‍රියාත්මක වන ප‍්‍රාදේශීය වැවිලි සමාගම් වන KVPL TTEL සහ හොරණ වැවිලි සමාගම යන සමාගම් ත‍්‍රිත්වයෙන් හේලීස් වැවිලි අංශය නිර්මාණය වී තිබේ. මානව සම්පත් කළමනාකරණය හා පාරිසරික තිරසාරභාවය යන අංශයන්හි දේශීය සහ ජාත්‍යන්තර සම්මානනීය ඇගයීම් හිමිකරගැනීමට එම සමාගම් සමත්වී සිටී. ජාතික මානව සම්පත් විශිෂ්ටතා සම්මාන උළෙලෙහිදී රන් සම්මානයෙන් පිදුම් ලැබීම, ආසියා - පැසිෆික් මානව සම්පත් විශිෂ්ටතා සම්මාන, ගෝලීය මානව සම්පත් විශිෂ්ටතා සම්මාන, දකුණු ආසියානු සහයෝගිතා සමුළුව සහ ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන, SLITAD ජනතා සංවර්ධන සම්මාන, JASTECA සත්කාර සම්මානය 2015 මෙන්ම ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සහ යහපැවතුම් විශේෂ සම්මානය මෙන්ම National Social Dialogue සහ සේවා ස්ථාන සහයෝගීතා සම්මාන උළෙලහිදී දිනාගත් රන් සහ රිදී සම්මානද හේලීස් ප්ලාන්ටේෂන්ස් නාමය ඉදිරියෙන් ලියවී තිබේ.

    හේලීස් සමූහයේ විශිෂ්ට ආයතනික සංස්කෘතියෙන් ලැබෙන සහයෝගය සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතාගේ දැක්ම යටතේ ලැබෙන මාර්ගෝපදේශනයෙන් මෙරට වැවිලි කර්මාන්ත ක්ෂේත‍්‍රය තුළ විප්ලවීය වෙනස්කම් රැසක් සිදුකරමින් ඉදිරියෙන් සිටීමට හේලීස් ප්ලාන්ටේෂන්ස් සමත්ව සිටින බව කිව යුතුය. සේවක පිරිසෙහි සුබසාධනය පිළිබ`දව තිරසාර ඉලක්ක මූලික කරගනිමින් හේලීස් ප්ලාන්ටේෂන්ස් කටයුතු කරන අතර, කාර්යසාධනය මූලික කරගත් සංස්කෘතියක් ප‍්‍රවර්ධනය කරයි. මානව ප‍්‍රාග්ධන කළමනාකරණයෙන් මෙන්ම විශිෂ්ට නව්‍යකරණ හැකියාවන් අතින්ද සමාගම ක්ෂේත‍්‍රයෙහි ඉදිරියෙන්ම සිටී.

    ඡායාරූපය - ජයග‍්‍රාහී KVPL කණ්ඩායම වමේ සිටථ එරන්ද වැලිකල, කුෂාණි රාජපක්ෂ, සුසන්ත විජේසිංහ, රනිල් ප‍්‍රනාන්දු, ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙල 2019 සභාපති සුනිල් විජේසිංහ,ජාතික වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ජොහාන් රොඩි‍්‍රගෝ, නන්දික බුද්ධිපාල, ශ‍්‍රී ලංකාවේ දකුණු අප‍්‍රිකානු තානාපති ගරු Robina Patricia Marks, ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති අසේල ද ලිවේරා, අනුරුද්ධ ගමගේ, ශෙනාලි පණ්ඩිතරන්ත, ශෙහාන් අනූපම , අනුර සේනානායක, විදුර වීරබාහු

     

    හේලීස් ප්ලාන්ටේෂන්ස් කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය රොෂාන් රාජදුරෙයි