හේලීස් සමූහයෙන් කොටස් වෙළෙඳපොළට දැවැන්ත උත්තේජනයක්

    January, 21, 2021

    හේලීස් සමූහයට අයත් සියලුම සමාගම් විසින් කොටස් ද්‍රවශීලතාවය ඉහළ නැංවීම වෙනුවෙන් පවතින කොටස් සඳහා අනුබෙදුම් ලබා දීමට තීරණය කර තිබේ. මෙහිදී එක් එක් සමාගමේ දැනට පවතින කොටස් පහත පරිදි අනුබෙදුම්වලට (sub division) භාජනය වේ.

    HAYLEYS PLC - 1 ට 10ක්,

    DIPPED PRODUCTS PLC - 1 ට 10 ක්

    ALUMEX PLC - 1 ට 2 ක්

    REGNIS(LANKA) PLC - 1ට 2 ක්

    SINGER (SRI LANKA) PLC - 1 ට 3ක්

    HAYCARB PLC - 1 ට 10 ක්

    SINGER INDUSTRIES (CEYLON) PLC - 1 ට 2 ක්

    TALAWAKELLE TEA ESTATES PLC 1ට 2 ක්

    HAYLEYS FABRIC PLC - 1ට 2 ක්

    KELANI VALLEY PLANTATIONS PLC - 1 ට 2ක්

    AMAYA LEISURE PLC - 1 ට 2 ක්

    HAYLEYS FIBRE PLC - 1 ට 3 ක්

    UNISYST ENGINEERING PLC - 1 ට 2 ක්

    THE KINGSBURY PLC - 1 ට ‍2 ක්

    මෙම කොටස් අනුබෙදුම් නිවේදනය කිරීමත් සමඟ අදාළ සමාගම් හි කොටස් ගනුදෙනු ආරම්භ කිරීම මිනිත්තු 30 ක කාලයකින් ප්‍රමාද කිරීමට කොළඹ කොටස් වෙළෙඳපොළ තීරණය කළ අතර එහිදී පෙරවරු 11.30 ට ඉහත කී සමාගම් හි ගනුදෙනු ආරම්භ විය.

    මෙම කොටස් අනුබෙදුම් හරහා සමාගම් හි ප්‍රකාශිත ප්‍රාග්ධනයේ වෙනසක් සිදුනොවන අතර පවතින කොටස් ප්‍රමාණය ඉහළ යාමෙන් කොටස් ද්‍රවශීලතාවයේ වැඩිවීමක් සිදුවේ. එය වැඩි ගනුදෙනු ප්‍රමාණයක් ජනිත කරලීමට සමත්වන කරුණකි.

    මේ බව මනාව තහවුරු කරමින් මෙකී සමාගම් සියල්ලම අද දින ගනුදෙනු අතරවාරයේ දී දැවැන්ත මිල ඉහළ යාම් වාර්තා කරන ලදී.