ළමා ඉතුරුම් පොලිය ඇතුළු අංශ රැසකින් Withholding Tax ඉවත් කරන්න මංගලගෙන් යෝජනාවක්

    January, 10, 2019

    විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සලකා බලමින් ළමා ඉතුරුම් පොලී ආදායම මත රඳවාගැනීමේ බදු, රජයේ සුරැකුම්පත්වලින් ලබන ආදායම් මත රඳවා ගැනීමේ බදු, නිර්වාසික තැනැත්තන් විසින් උපයනු ලබන ණය පොලී මත රඳවා ගැනීමේ බදු, රාජ්‍ය භාග මත රඳවා ගැනීමේ බදු හා ගුවන්යානා සඳහා බදු කුලී ගෙවීමේදී රඳවා ගැනීමේ බදු නිදහස් කිරීම සඳහා සහ කුලී මත රඳවා ගැනීමේ බදු ප්‍රතිශතය අඩු කිරීම සඳහා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.