ෆයිසර්ගේ යෝජනාවකින් පවුම් මිලියන 37 ක පාලම් කොන්ත්‍රාත්තුව Cleveland Bridge ට

    November, 29, 2018

    ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාවට ප්‍රතිලාභ සැලසෙන පරිදි එම ගම්මානවල ප්‍රවාහන සම්බන්ධතා වැඩිදියුණු කිරීම පිණිස පාලම් 4,000ක් පමණ ඉදි කිරීමට රජය සැලසුම් කර තිබේ.

    එම ව්‍යාපෘතිය යටතේ පළාත් 09 ආවරණය කරමින් විවිධ ප්‍රමාණයේ පාලම් 175ක් ඉදි කිරීම සඳහා කරන ලද යෝජනා කැඳවීම අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශය පරිදි මෙම කොන්ත්‍රාත්තුව ස්ටර්ලිං පවුම් මිලියන 37.69ක මුදලකට Cleveland Bridge UK Limited වෙත ප්‍රදානය කිරීම පිණිස පළාත් සභා, පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    ඡායාරූපය - Cleveland Bridge විසින් ඉදිකරන ලද ‘Sydney Harbour Bridge‘ පාලම