ෆැෂන් බග් වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනට ගාල්ලේදී මහත් හරසර

    September, 27, 2016

    පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව පාසල් සිසුන්ගේ වෘත්තීය ගමන් මග සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ට අඛණ්ඩව සහයෝගය ලබා දෙන ෆැෂන් බග් සමාගම. පසුගිය වසරේදී උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහා ගාල්ලේදී වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහනක් සංවිධානය කළේය. දිවයින පුරා විලාසිතාගාර 16කට අධික සංඛ්යාවකින් සමන්විත මෙරට ප්‍රමුඛතම ඇඟලුම් අලෙවි ජාලයක්වන ෆැෂන් බග් සමාගම ගාල්ල වෘත්තීය පුහුණු මධ්ය ස්ථානය හා දිස්ත්රිුක් ලේකම් කාර්යාලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සිසුහු 4,000 කට අධික පිරිසක් සහභාගී වූහ.

    කොළඹ විශ්වවිද්යාමලයේ වෘත්තීය මාර්ගෝපදේශ සහ සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ අජිත් ජයවර්ධන මහතා මෙම වැඩමුළුවේ සම්පත් දායකයා වශයෙන් සහභාගී වූයේය. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්රී, ගාල්ල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රභාත් බාලසූරිය සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතගම යන මහත්ම මහත්මීහු ද මෙහිදී දේශන පැවැත්වූහ.

    "අප දිවයින පුරා සංවිධානය කරන වෘත්තීය මාර්ගෝපදේශ වැඩසටහන් මාලාව ගාල්ල ප්‍රදේශ තුළ අති විශාල පිරිසකගේ පිරිසකගේ සහභාගීත්වයෙන් සංවිධානය කිරීමට හැකි වීම පිළිබඳ අප ඉතා සතුටු වනවා. අනාගත පරපුරට අවශ්‍ය නිසි මගපෙන්වීම ලබා දීම අපගේ වගකීමක් ලෙස අප සලකනවා. මෙම වැඩසටහන දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ද සංවිධානය කිරීම අපගේ අරමුණයි." ෆැෂන් බග් සමාගමේ අධ්‍යක්ෂ සහ සිසු දිරිමග පදනමේ ප්‍රාරම්භක සබියර් සුබියන් මහතා සඳහන් කළේය.

    ෆැෂන් බග් සමාගමේ නියෝජ්‍ය සාමාන්යාධිකාරී ආචාර්ය එස්.එච්.එම්. ෆරාස්, මානව සම්පත් සහ සංවර්ධන කළමනාකාර නාමල් ඒකනායක, ජ්ෂ්ඨ අලෙවි විධායක නිලධාරී ඉශාන් ගොඩමාන්න සහ ක්ෂේත්‍රයේ කළමනාකාර මොහොමඩ් රෂීඩ් යන මහත්වරු ෆැෂන් බග් සමාගම නියෝජනය කරමින් වැඩමුළුව සඳහා සහභාගී වූහ.

    සිසු දිරිමග ප්‍රජා සත්කාරක වැඩසටහනට සමගාමීව ෆැෂන් බග් සමාගම ශිෂ්‍යත්ව වැඩසටහනක් ද මෑතකදී ආරම්භ කළේය. මීට අමතරව, පාසල් සිසුන් සඳහාවන පළමු සමිසුරු උපදේශන වැඩසටහන ද මේ යටතේ හඳුන්වා දෙන ලද අතර, අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව එම වැඩසටහන ද දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම ද ෆැෂන් බග් සමාගමගේ අරමුණයි යනුවෙන් ෆැෂන් බග් නියෝජ්ය සාමාන්යාධිකාරී ආචාර්ය ෆරාස් හමීඩ් මහතා තවදුරටත් පැවසීය.

    සම්මානනීය ප්‍රජා සත්කාරක වැඩසටහනක්වන සිසු දිරිමග වැඩසටහන තුළින් පාසල් 20 ක සිසු දරුවන් 12,000 කට අධික ප්‍රමාණයකට ප්‍රතිලාභ හිමි වී ඇති අතර, දිවයිනේ නන් දෙස පිහිටි පාසල් 120 ක සිසු දරුවන් 100,000 ක ඉලක්කයට ළඟා වීම සමාගමේ අරමුණයි. තවද වර්තමානයේ පාසල් දරුවන් තුළ පැන නැගී ඇති විවිධ ගැටළු සඳහා වූ විකල්පයක් ලෙස රට තුළ සියලු ම පාසල් වෙත සහෘද මාර්ගෝපදේශනය ගෙන යාම ඉලක්කයයි.

    ෆැෂන් බග් හවුල්කරුවන් 4ක් සමග හවුල්කාර ව්‍යපාරයක් ලෙස 1994 වසරේදී මෙරට වෙළඳපල තුළ සිය නාමය සනිටුහන් කළේය. ආරම්භයේදී 15 දෙනෙකුගෙන් සමන්විත වූ ෆැෂන් බග් කාර්යමණ්ඩල බලඇණිය මේවන විට 1250 කට අධික සංඛ්යාෙවක් දක්වා වර්ධනය වී ඇති අතර දිවයින පුරා විසිරී ඇති 16කට අධික ශාඛා ජාලය තුළ ඔවුහු සේවය කරති. "වෙනස්වන ජීවන රටාවට" ෆැෂන් බග් දැක්ම අනුව යමින් එය මේවන විට මෙරට ක්‍රියාත්මක අංක එකේ ඇඟලුම් අලෙවි ජාලයක් ලෙස වැජඹෙයි.