ෆැෂන් බග්, සිසු දිරි මග වැඩසටහන තුළින් ග‍්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනයට දායක වෙයි

    August, 16, 2016

    දිවයින පුරා පිහිටි විලාසිතාගාර 16 ක ජාලයකින් යුත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම නිමි ඇඳුම් අලෙවි ආයතනයක් වන ෆැෂන් බග්, පාසල් සිසුන්ට යහපත් ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් යුතුව කන්තලේ අල්-තාරික් කනිටු විදුහලට පංති කාමර ඒකකයක් ඉදිකර දීමට කටයුතු කරන ලදී.

    සමාගම විසින් සිදුකරගෙන යන ‘‘සිසු දිරි මග’’ අඛණ්ඩ සමාජ සේවා ව්‍යාපෘති මාලාවේ තවත් එක් පියවරක් ලෙස ක‍්‍රියාත්මක කළ මෙම ව්‍යාපෘතිය සමාගම විසින් උත්සවාකාරයෙන් එම විද්‍යාලයේ විදුහල්පති ඒ.පී.ඒ.ජවාහිර් මහතාට ප‍්‍රදානය කරන ලද අතර එම අවස්ථාවට ෆැෂන් බග් වෙනුවෙන් සහකාර අලෙවි කළමනාකරු එස්.එම්.ෆහාම්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු රියාස් සහාබ්දීන් සහ අලෙවි විධායක ඕෂධ ඇ?ගොඩ යන මහත්වරුන් සහභාගී විය.

    ‘‘පාසල් තුළ යහපත් ඉගෙනුම් පරිසරයක් සැකසීම අධ්‍යාපනයේදී අත්‍යාවශ්‍ය දෙයක්. අවාසනාවට වගේ තවමත් මෙරට ග‍්‍රාමීය ප‍්‍රදේශවල තියෙන පාසල් වලට ලැබෙන්නේ අඩු සැලකිල්ලක්. පුද්ගලික සංවිධාන සහ ආයතන පුංචි විදියකට හරි කරන උපකාරයක් වුණත් ඔවුන්ට ගොඩක් වටින බව අපේ මේ ව්‍යාපෘතිය හො`ද උදාහරණයක්. ඒ වගේම අනාගත ලෝකය බාරගන්න ඉන්න දරුවන්ගේ ඉගෙනීමට සහාය වීම අපේ සාමාජ වගකීමක්.’’ යනුවෙන් මේ පිළිබ`ද අදහස් දක්වමින් ෆැෂන් බග් අධ්‍යක්ෂක ශබීර් සුබීයන් මහතා පැවසූ අතර ‘‘තවත් මෙවැනිම සමාජ සුබසාධන ව්‍යාපෘති අපි අනාගතයේදිත් ක‍්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා’’ යනුවෙන්ද පවසන ලදී.

    ෆැෂන් බග්, වාර්ෂිකව දිවයින පුරා සිදුකරන විවිධ සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා රු. මිලියන 20 කට අධික මුදලක් වැය කරන අතර එ් අතර ක‍්‍රීඩා, අධ්‍යාපන, සමාජ සේවා ආදී තවත් බොහෝ අංශ ඇතුළත් වෙයි. මෑතකදී ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවයක් ෆැෂන් බග් අනුග‍්‍රහයෙන් සංවිධානය කෙරුණු අතරම දිවයින පුරා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන්, පාසල්, රෝහල්, තැපැල් කාර්යාල ප‍්‍රතිසංස්කරණය කිරීම වැනි තවත් බොහෝ සත්කාරක සේවා ද මේ අතර වන බව අදහස් දක්වමින් ෆැෂන් බග් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආචාර්ය එස්. එච්. එම්. ෆරාස් මහතා පවසන ලදී.

    ෆැෂන් බග්, 1994 දී හවුල් කරුවන් 4 දෙනෙක් සහ කාර්ය මණ්ඩලය 15 දෙනෙක් සමග සමූහ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ අතර එය අද වන විට 1250 කට අධික කාර්ය මණ්ඩලයක් සහ දිවයින පුරා පිහිටි ප‍්‍රදර්ශනාගාර 16 කින් යුත් ව්‍යාපාරයකි. ‘‘වෙනස්වන ජීවන රටාවන්ට’’ යන තේමාව පෙරදැරිව ෆැෂන් බග් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතාගාරයක් ලෙස ඉහළින්ම කැපී පෙනෙයි.

    ඡායාරූපය - ෆැෂන් බග් වෙනුවෙන් එහි සහකාර අලෙවි කළමනාකරු එස්.එම්.ෆහාම් මහතා ගොඩනැගිල්ල විවෘත කරන අයුරු. ජ්‍යෙෂ්ඨ කළමනාකරු රියාස් සහාබ්දීන් සහ අලෙවි විධායක ඕෂධ ඇගොඩ යන මහත්වරුන්ද මෙහි වෙති.